මාලිගාවත්ත දුම්රිය අංගනයෙන් හමු වූ බිළිඳු මළ සිරුර ජාතික රෝහලෙන් අතුරුදන්

By Shehan Sep 03, 2025 07:14 AM GMT
Shehan

Shehan

Report

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ බිළිඳු මළ සිරුරක් අස්ථානගත වී ඇති බව මරදාන පොලිසිය පවසයි.

පසුගිය අගෝස්තු මස 01 වැනිදා දෙමටගොඩ පොලිස් වසමේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක වැසිකිළියක තිබියදී මෙම බිළිඳු මළ සිරුර හමු විය.

ඒ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය විසින් විමර්ශන සිදුකර, මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ එම බිළිඳු මළ සිරුර තැන්පත් කර තිබිණි.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

එම මළ සිරුර සම්බන්ධයෙන් පසුගිය මස 29 සහ 31 යන දිනවල පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත පැමිණ බිළිඳු මළ සිරුර පිළිබඳ විමසා ඇතත්, එම මළ සිරුර සොයා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

මරදාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සුළු මොහොතකට පෙර මාලිගාවත්තේ වෙඩි තැබීමක්

සුළු මොහොතකට පෙර මාලිගාවත්තේ වෙඩි තැබීමක්

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

ඉන්ධන මිල ගැන ප්‍රසිද්ධියේ නියෝජ්‍ය ඇමති නාමල් බොරු විදියි

ඉන්ධන මිල ගැන ප්‍රසිද්ධියේ නියෝජ්‍ය ඇමති නාමල් බොරු විදියි