හෙට වැඩ වර්ජනය ස්ථීරයි - රෝහල්වලට ඇවිත් රස්තුයාදු වෙන්න එපා [VIDEO]

GMOA Sri Lanka Strike Sri Lanka Latest Headlines Doctors Sinhala news
By Shehan Aug 24, 2025 03:50 PM GMT
Shehan

Shehan

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව, හෙට (25) උදෑසන 8:00 සිට රට පුරා රජයේ රෝහල්වල දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ වීමට නියමිතය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතු වී ඇති ප්‍රධාන හේතු ලෙස GMOA පෙන්වා දෙන්නේ, දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානම, ඖෂධ මිලදී ගැනීම සඳහා රෝගීන්ට රජයෙන් එල්ල වන බලපෑම, රෝහල්වලට ප්‍රමිතිගත ඖෂධ සහ උපකරණ ලබා නොදීම, සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතින අවිධිමත්, අකාර්යක්ෂම, සහ විනිවිදභාවයෙන් තොර ක්‍රියාවලීන් ය.

මෙම තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සහ දුෂ්කර පළාත්වලට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය බිඳවැටී ඇති බවද සංගමය පවසයි.

රනිල් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගෙන් ඉල්ලීමක්

රනිල් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගෙන් ඉල්ලීමක්

GMOA හි අදහස්වලට අනුව, මෙම ගැටලු හේතුවෙන් රට පුරා රෝහල් 200කට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ අවදානමකට මුහුණ දී ඇති අතර, අනෙකුත් රෝහල්වල වෛද්‍යවරුන් හිඟය හේතුවෙන් ඇතැම් ඒකකවල කටයුතු අඩාල වීමේ තත්ත්වයක් මතුව තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වැටුප් හෝ දීමනා ඉල්ලීමක් නොවන බව GMOA අවධාරණය කරන අතර, එය රෝහල් පද්ධතිය සහ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැටීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට බලපෑම් කිරීමේ අරමුණින් සිදු කරන බව පවසයි.

මේ අතර, GMOA චෝදනා කරන්නේ, රාජ්‍ය මාධ්‍ය සහ සෞඛ්‍ය ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස හඳුන්වන පුද්ගලයකු විසින් මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව වගකීම් විරහිත මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා ගෙන යන බවයි. එසේම, සංගමයේ ලිපි ශීර්ෂය සහ ලේකම්වරයාගේ අත්සන අනිසි ලෙස භාවිත කරමින් කූඨ ලේඛන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවටද චෝදනා එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට GMOA සැලසුම් කරයි.

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

මෙවැනි නින්දිත ක්‍රියා සහ අනීතික ප්‍රචාර රජයේ ප්‍රතිරූපයට හානිකර බව GMOA පෙන්වා දෙන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිවරයා මේ පිළිබඳව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි විශ්වාසය පළ කරයි.

කෙසේ වෙතත්, වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුර සියලු හදිසි ප්‍රතිකාර සේවාවන්, මාතෘ හා ළමා රෝහල්, අපේක්ෂා රෝහල, විශේෂිත වකුගඩු රෝග ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල්, සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බව GMOA තහවුරු කරයි.

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ