නිත්‍යනුකූල ලෙස ඉවත්ව නොවූ හමුදා සාමාජිකයන් 679ක් අත්අඩංගුවට

By Shehan Mar 06, 2025 05:29 AM GMT
Report

ත්‍රිවිධ හමුදාවෙන් නිත්‍යනුකූල ලෙස ඉවත්ව නොවූ හමුදා සාමාජිකයන් 679 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාශය පවසයි.

ඉකුත් පෙබරවාරි මස 22වනදා සිට අද (6) දක්වා කාලය තුළ පොලීසිය හා යුද හමුදා පොලීසිය එක්ව සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගත් පිරිසෙන් බහුතරය යුද හමුදා සාමාජිකයන් වන අතර, එම සංඛ්‍යාව 535කි.

ඊට අමතරව නාවික හමුදාවේ 63 දෙනෙකුද, ගුවන් හමුදාවේ 81 දෙනෙකුට මෙම අත්අඩංගුවට ගත් පිරිසි අතර සිටිති.

පසුගිය මස 22වනදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසා සිටියේ ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට තමන් නියෝග කළ බවයි.

අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් නිකුත්කළ වාර්තාව,


Gallery