පන්ජාබය යට වෙයි, 30 දෙනෙකු මිය ගොස් 354,000කට වැඩි පිරිසක් පීඩාවට
උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පවතින අධික වර්ෂාව සහ ගංවතුර නිසා පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් 354,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එරට ගංගා සහ ජලාශ අවදානම් මට්ටමට පැමිණ සියලුම දිස්ත්‍රික්ක ගංවතුරෙන් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ පිළිබඳව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ මෝසම් ධාරා සහ කැලඹීම් වැනි කාලගුණ පද්ධති අතර සිදුවන අන්තර්ක්‍රියා නිසා ගංවතුර තත්ත්වයන් ඇති වන බවයි.
එසේම මේ වන විට ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල විශාල පිරිසක් ඉවත් කර ඇති අතර, පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නවාතැන් සහ අත්‍යවශ්‍ය පහසුකම් සැපයීමට සහන කඳවුරු විශාල සංඛ්‍යාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මේ අතර පන්ජාබ් මහ ඇමති භගවන්ත් මාන් විසින් මාධ්‍යට 1988 වර්ෂයේ සිට මෙතෙක් ප්‍රාන්තයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බව පවසා ඇත.

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව
එමෙන්ම ඉන්දීය රජය පවසන්නේ ජලයෙන් යටවී කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර 148,000ක පමණ විශාල බෝග හානියක් සිදුවී තිබෙන බවයි.
ඊට අමතරව ඉන්දීය හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව සමඟ ආපදා කණ්ඩායම් කිහිපයක් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සහාය වෙමින් සිටින අතර හෙලිකොප්ටර් 35ක්, බෝට්ටු 100කට වැඩි ප්‍රමාණයක් ඒ සඳහා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුර සඳහන් කරයි.