ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (30) පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල ද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද දැනුම් දී තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.