වැඩිමිලට වතුර බෝතල් විකිණූ මහරගම වෙළඳසැලකටත් දඩයක්

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මහරගම CIB Big City ට පානීය ජල බෝතල් වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් චෝදනා කර ඇත.

ඒ යටතේ අධිකාරිය පවරන ලද නඩුවට අඳාළ චෝදනාවේ වරද පිළිගත් එම මහරගම CIB Big City ව්‍යාපාරික ආයතනයට අද (26) දින ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි. සිල්වා මහතා රුපියල් මිලියනයක දඩයක් නියම කර තිබෙනවා.

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

විජය ගෘප් පුද්ගලික සමාගමෙන් මෙම CIB Big City ආයතනය පවත්වාගෙන යනු ලබයි.

එම ආයතනයෙන් දේශීයව නිෂ්පාදනය කරන මිලි ලීටර් 500 ප්‍රමාණයේ Kinley වර්ගයේ පොලිඑතිලීන් ටෙරෙප්තලේට් (PET) බෝතලයක් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට එනම් රුපියල් 90/- කට විකුණමින් සිට ඇත.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

පාරිභෝගික අධිකාරිය අධිකරණයට දන්වා තිබුණේ මෙසේ විකිණීමේදී පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරී එස්.පී. පුංචි හේවා මහතාට අතටම හසුවූ බවයි.

අඳාළ පානීය ජල බෝතලයේ උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 70ක් පමණක් වේ.

ඒ අනුව එම වැටලීම පහුගිය මැයි මාසයේ 9 වන දින සිදු කර තිබෙනවා.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

එසේම මෙම වැටලීම සඳහා පාර්භෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් වන හර්ෂණ කුමාර හා පියල් සමරනායක යන නිලධාරීන්ද සහභාගි වී ඇත. කේ.ආර්.ජී. විජයසුන්දර මහතා විජය ගෘප් පෞද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙස ක්‍රියා කරන බව ද සඳහන්.

රන් මිල නැවත වැටෙයි

රන් මිල නැවත වැටෙයි