අද ප.ව. 1න් පසුව මෙම ප්‍රදේශවලට කාලගුණ අනතුරු ඇඟවීම්

Report

ප්‍රදේශ කිහිපයක් සඳහා අද (19) සවස 1න් පමණ පසුව ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පැවතිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.

අලුත් අවුරුදු බස් ව්‍යාපාරයට රතු එළිය - අධික ගාස්තු අයකරොත් 1955 අමතන්න

අලුත් අවුරුදු බස් ව්‍යාපාරයට රතු එළිය - අධික ගාස්තු අයකරොත් 1955 අමතන්න

එම දෙපාර්තමේන්තුව අද (19) ප.ව. 12ට නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ. ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.