අලුත් අවුරුදු බස් ව්‍යාපාරයට රතු එළිය - අධික ගාස්තු අයකරොත් 1955 අමතන්න

Report

අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කරන සහ ටිකට් පත් නොදෙන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසා ඇත්තේ, මෙම චෝදනා සම්බන්ධයෙන් ඕනෑම පොලිස් ස්ථානයකට පැමිණිලි කළ හැකි බවත්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට හෝ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට වාර්තා කළ හැකි බවත්ය.

එසේම 1955 ක්ෂණික දුරකථන අංකයට ඇමතුමක් ලබාදීමෙන් පැමිණිලි කළ හැකි අතර, එය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"ඊශ්‍රායලය ට්‍රම්ප්ව ඉරාන යුද්ධයට ඇද දැම්මා"– කමලා හැරිස්ගෙන් චෝදනා

"ඊශ්‍රායලය ට්‍රම්ප්ව ඉරාන යුද්ධයට ඇද දැම්මා"– කමලා හැරිස්ගෙන් චෝදනා

මේ අතර, අලුත් අවුරුදු සමයේ අධික මුදල් අය කළ බස් රථ 80කට දැනටමත් දඩ නියම කර ඇති බවත්, පසුගිය අටවෙනිදා සිට 18 වැනිදා දක්වා බස් රථ 680ක් පරීක්ෂා කළ බවත් ජංගම බස් රථ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී රෝහණ වත්තගේ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (18) දින පමණක් බස් රථ 150කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කළ අතර ඉන් 12ක් අධික ගාස්තු අය කළ බව සොයාගෙන තිබේ. මෙම බස් රථ වැටලීම් මෙහෙයින් ලබන 21 වැනිදා දක්වා පැය 24 පුරාවටම ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.

කුමාර ජයකොඩිට සජබෙන් අමතයි - මෙන්න විස්තරේ

කුමාර ජයකොඩිට සජබෙන් අමතයි - මෙන්න විස්තරේ