විරාත් කෝලි ග්ලෙන් ෆිලිප්ස්ට ජෝන් සීනාගේ සුප්‍රසිද්ධ සංඥාව පෙන්වයි - 'You Can't See Me' සමාජ මාධ්‍ය කළඹයි! [VIDEO]

Report

ක්‍රිකට් පිටියේදී සිය පිතිහරඹයෙන් පමණක් නොව, විනෝදකාමී හැසිරීමෙන් ද රසිකයන්ගේ අවධානය දිනාගන්නා විරාට් කෝලි මෙවර නවසීලන්ත ක්‍රීඩක ග්ලෙන් ෆිලිප්ස්ට අපූරු විහිළුවක් කර තිබේ.

ඒ, ලොව ප්‍රකට WWE මල්ලවපොර ක්‍රීඩක ජෝන් සීනාගේ සුප්‍රසිද්ධ 'You Can't See Me' සංඥාව අනුකරණය කරමින් ෆිලිප්ස්ට එය පෙන්වීමත් සමඟය. ඉන්දියාව සහ නවසීලන්තය අතර බදාදා ඕක්ලන්ඩ්හිදී පැවති පළමු එක්දින තරගයේදී මෙම සිදුවීම සිදුව තිබේ.

තරගයේ 15 වැනි පන්දුවාරයේදී ග්ලෙන් ෆිලිප්ස් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසෙන අවස්ථාවේ ජෝන් සීනාගේ සුප්‍රසිද්ධ පිවිසුම් ගීතය පසුබිමින් වාදනය වී ඇත.

එම අවස්ථාවේදී පිටියේ අනෙක් පස සිටි විරාට් කෝලි, ඩැරල් මිචෙල් සමඟ කතාබහක නිරතව සිටි ෆිලිප්ස්ට ජෝන් සීනාගේ සුප්‍රසිද්ධ සංඥාව පෙන්වමින් විහිළු කර තිබේ.

කෙසේ වෙතත්, මුලදී ඔවුන් දෙදෙනාගේ අවධානය ඊට යොමු නොවූ අතර, ෆිලිප්ස් පන්දුවට පහරදීම සඳහා සූදානම් වෙමින් සිටියදී කෝලි නැවතත් ඔහු අසලට ගොස් එම සංඥාව පෙන්වා තිබේ.

“මම ඔහුව හැමවිටම ඉහළින් අගය කළා” - සචින්ගේ වාර්තාවට ළංවන ජෝ රූට් ගැන සචින්ගෙන්ම විශේෂ ප්‍රකාශයක්

“මම ඔහුව හැමවිටම ඉහළින් අගය කළා” - සචින්ගේ වාර්තාවට ළංවන ජෝ රූට් ගැන සචින්ගෙන්ම විශේෂ ප්‍රකාශයක්

මෙම සිදුවීමේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත එක්වීමත් සමඟ ක්‍රිකට් රසිකයන් අතර එය වේගයෙන් ජනප්‍රිය වී තිබේ. විශේෂයෙන්ම ජෝන් සීනාගේ රසිකයන් ද කෝලිගේ මෙම ක්‍රියාව පිළිබඳව විවිධ ප්‍රතිචාර දක්වා ඇත.

ග්ලෙන් ෆිලිප්ස් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසෙන සෑම අවස්ථාවකදීම නවසීලන්ත ක්‍රීඩාංගණයේ DJ විසින් ජෝන් සීනාගේ පිවිසුම් ගීතය වාදනය කිරීම ද මෙහි විශේෂත්වයකි. මේ අතර, මෙම තරගයේදී විරාට් කෝලි තවත් සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

ඒ අනුව දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන SENA රටවල් හතරේදීම එක්දින ජාත්‍යන්තර තරගවලදී ලකුණු 50කට වැඩි සාමාන්‍යයක් පවත්වාගෙන ගිය පළමු පිතිකරුවා බවට ඔහු පත්ව ඇත.

තරගයේදී පන්දු 51කින් ලකුණු 74ක් රැස්කළ කෝලිගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් ඉන්දියාව කඩුලු පහක ජයක් වාර්තා කිරීමට ද සමත් විය.

ක්‍රිකට් ලොවම මවිත කළ සුපිරි තරුව ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර පිටියට තීරණය කරයි

ක්‍රිකට් ලොවම මවිත කළ සුපිරි තරුව ග්ලෙන් මැක්ස්වෙල් ජාත්‍යන්තර පිටියට තීරණය කරයි