අගමැතිනියට කෙන්යාවේ ඉහළ පෙළේ හමුවක් - කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපති සමඟ විශේෂ සාකච්ඡා!
ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපති මහාචාර්ය කිතුර් කිඳිකි මහතා අතර හමුවක් පවත්වා තිබේ.
ඇන්ටිගුවා සහ බාබියුඩාහි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව මෙම හමුව සිදුව ඇත.
එහිදී දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමුවී තිබේ. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය, වෙළෙඳාම, ආයෝජන සහ දේශගුණික මූල්‍යකරණය යන ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
එමෙන්ම ආර්ථික සබඳතා පුළුල් කිරීම, දේශගුණික විපර්යාස හමුවේ මතුවන අභියෝගවලට මුහුණදීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ දේශගුණික මූල්‍ය පහසුකම් වෙත ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වී තිබේ.