කෙහෙළියට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල් යයි

Report

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 19 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් අද (05) මෙම නියෝගය ලබා දී ඇත.

2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් 990,000ක මුදලක් වැය කර දේශපාලන කටයුතු සඳහා ජී.අයි. බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට මූල්‍ය පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර ඇත. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන් නම් කර තිබේ.

“දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්වත් ක්‍රියාත්මක කරන්න බැරි ආණ්ඩුවක්” - සජිත්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්!

“දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්වත් ක්‍රියාත්මක කරන්න බැරි ආණ්ඩුවක්” - සජිත්ගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්!

සලේගේ සැලසුම් සහගතව මෙහෙයවීම මත පාස්කු ප්‍රභාරය සිදු වී ඇත - CIDය අධිකරණයේදී කියයි

සලේගේ සැලසුම් සහගතව මෙහෙයවීම මත පාස්කු ප්‍රභාරය සිදු වී ඇත - CIDය අධිකරණයේදී කියයි