ලොවක් ආදරය කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදීමට තීරණය කරයි
By Malith Madushan
ලොව ප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙකු වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 41 හැවිරිදි රොනාල්ඩෝ අද (05) බ්‍රහස්පතින්දා මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා කරයි.
පෘතුගාල ජාතික කණ්ඩායම වෙනුවෙන් තරග 234කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ගෝල 146ක් වාර්තා කර තිබේ.
පසුගිය මාසයේදී ජාතික කණ්ඩායමේ පුහුණුකරු ජෝර්ජ් ජේසුස් සමඟ රොනාල්ඩෝ අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබූ බව ද වාර්තාවේ සඳහන් වේ.
ඒ, ජාතීන්ගේ ලීග් තරගයකදී රොනාල්ඩෝ ක්‍රීඩා කිරීමට යොදා නොගැනීමට පුහුණුකරු තීරණය කිරීමත් සමඟය. අනතුරුව රොනාල්ඩෝ කණ්ඩායමේ පුහුණු කඳවුරෙන් ද ඉවත්ව ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී වාර්තා වීමට නියමිතය.