අල්ලස් ගත් කාති විනිසුරුවරයෙක් රිමාන්ඩ්

Report

පස් දරු පියෙකුගෙන් රුපියල් 2300 අල්ලසක් ලබාගත් බව කියන කල්මුණේ මරදමඩු කාති විනිසුරු හා බිරිඳ ලබන 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත අසංග එස් බෝදරගම මහතා අද (25) නියෝග කළේය.

විනිසුරු පලිල් මව්ලාන හා බිරිඳ වන සමයල් වේවා නම් සැකකරුවන් යුවළ එලෙස රක්ෂිත බන්ධනාගාර ගතත කෙරුණි.

ලංකාවේ ජනප්‍රිය රැප් ගායකයෙක් පොලිස් අත්අඩංගුවට

ලංකාවේ ජනප්‍රිය රැප් ගායකයෙක් පොලිස් අත්අඩංගුවට

සිද්ධිය සම්බන්ධයෙන් කරණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ පැමිණිලිකාර පුද්ගලයා දරුවන් පස්දෙනකු වෙනුවෙන් මාසිකව නඩත්තු මුදල් ගෙවන බවත්, එම මුදල් ගෙවීම වෙනුවෙන් සැකකාර කාති විනිසුරුවරයා ඔහුගෙන් රුපියල් 2300 ක සේවා ගාස්තුවක් අය කරගෙන ඇති බවත්ය.

එසේ ගෙවන සේවා ගාස්තු සැකකාර කාති විනිසුරුවරයාගේ බිරිඳ විසින් එකතු කරගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි

හිටපු ජනපති රනිල් දාපු පොස්ටුවක් අන්තර්ජාලයම කලඹයි