ලංකාවේ ජනප්‍රිය රැප් ගායකයෙක් පොලිස් අත්අඩංගුවට
Sri Lanka Police
Super Singer
Law and Order
Sinhala news
gagana news
By Mithu
රැප් ගායන ශිල්පියෙක් වන 'මාධව ප්‍රසාද්' නොහොත් 'මදුවා' නැමැත්තා ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය කියයි.
හය දෙනෙකුගෙන් පිරිසක් කුඩා වීදුරු ටීපෝවක් මත මත්ද්‍රව්‍යය සහ පිස්තෝලයක්ද තබාගෙන රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය පානය කරමින් මත් ගතියෙන් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මුහුණු පොත ඔස්සේ සංසරණය විම සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ අවධානය යොමු වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී එම වීඩියෝවේ සැකකාර ගායකයාද රැඳී සිටින බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
මේ අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඔහු පදිංචි හෝමාගම මවුන්ට් ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.