රුසියාවේ වෛරසය දැන් ලංකාවේද? - නවතම පර්යේෂණයක අනාවරණය!

Report

ලංකාවේ සූකර උණ රෝගයෙන් මියගිය ඌරන්ගේ සාම්පල කිහිපයක් ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ පාලනය යටතේ කැනඩාවේ විද්‍යාගාරයකට යවා පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ, එම සාම්පලවලින් 60%කට වඩා රුසියානු කලාපයේ පැතිරුණු වයිරසයට සමාන බවයි.

මේ බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පවසා ඇත.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

සූකර උණ රෝගයෙන් හානියට පත්වූ සූකර කර්මාන්තයේ ඉදිරි සැලසුම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවාය.

මෙරට සූකර ගොවිපොළ 2,500ක පමණ අප්‍රිකානු සූකර උණ වයිරසය පැතිරීම හේතුවෙන් ඌරන් 67,000කට අධික පිරිසක් මියගොස් ඇති බව හෙළි වී තිබේ. සත්වයකු හෝ මාංශයක් මෙරටට ගෙන ඒමට නම්, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ නිෂ්කාශන බලපත්‍රයක් අවශ්‍ය බවත්, එසේ බලපත්‍රයක් නොමැතිව ගෙන එන අවස්ථා රේගුවේදී හඳුනාගැනෙන බවත් ඇය සඳහන් කළාය.

අවුලපු ගින්නට ආණ්ඩුවෙනුත් පිදුරු දාලාද? මහින්ද මල්වතු නාහිමිට මඩ ගහපු ඔක්කොටම විරුද්ධව පැමිණිල්ලක්

අවුලපු ගින්නට ආණ්ඩුවෙනුත් පිදුරු දාලාද? මහින්ද මල්වතු නාහිමිට මඩ ගහපු ඔක්කොටම විරුද්ධව පැමිණිල්ලක්

එසේම, මෙරටට පැමිණෙන ගුවන් යානා හා නැව්වල ඉඳුල් එම රටවලටම බැහැර කරන බවත්, එම ඉඳුල් සූකර ගොවිපොළවලට ගෙන යන බවත්, ඒවා නිරෝධායනයට ලක් නොවන බවත් ඇය පැවසුවාය. මේ හේතුවෙන් සූකර උණ රෝගය ඇති රටක ඉඳුල් හරහා මෙම රෝගය පැතිරීමේ අවදානමක් ඇති බවද ඇය කීවාය.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

එම ඉඳුල් ඉහළ උෂ්ණත්වයකින් රත් කිරීමේදී වයිරසය මිය යන බවද ඇය සඳහන් කළාය. මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත් සංවර්ධන) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු පැවසුවේ, මේ වනවිට සූකර ගොවිපොළ 251ක් නැවත ආරම්භ කර ඇති නමුත්, තවමත් අවිධිමත් ලෙස පවත්වාගෙන යන ගොවිපොළවලින් සතුන් මිය යෑම් වාර්තා වන බවයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්