අවුලපු ගින්නට ආණ්ඩුවෙනුත් පිදුරු දාලාද? මහින්ද මල්වතු නාහිමිට මඩ ගහපු ඔක්කොටම විරුද්ධව පැමිණිල්ලක්[PHOTOS]

Anura Kumara Dissanayaka Mahinda Rajapaksa Crime Branch Criminal Investigation Department Sinhala news NPP Government
By Kaushi Jul 02, 2025 04:42 PM GMT
Kaushi

Kaushi

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මල්වතු මහනාහිමියන්ගෙන් ඉල්ලීමක් කොට ඇති බවට සමාජ මාධ්‍යවල පළ කොට ඇති පුවත පිළිබඳව වහාම විමර්ශනයක් කරන මෙන් ඉල්ලා පැමිණිල්ලක් යොමු කර ඇති බව වාර්තා වේ.

පොඩි දරුවෙක් වගේ අඩපු කිම් - හේතුව මෙන්න

පොඩි දරුවෙක් වගේ අඩපු කිම් - හේතුව මෙන්න

කෙසේ වෙතත් අඳාළ පුවත අසත්‍යයක් බවට මින් පෙරද මල්වතු මහා විහාරයෙන් නිල නිවේදනයක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින්ද තම X ගිණුමේ සටහනක් ද තබා ප්‍රතික්ෂේප කර තිබුණු බවත් වාර්තා විය.

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

එම තත්ත්වය මත මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නීතීඥ සුරංග පෙරේරා ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

අනේ දෙයියනේ.. ආයෙත් ගුවන් යානයක් කඩන් වැටිලා

අනේ දෙයියනේ.. ආයෙත් ගුවන් යානයක් කඩන් වැටිලා

ඒ අනුව නීතීඥ සුරංග කියා ඇත්තේ පැමිණිල්ල ඉදිරිපත් කළේ ජනතාව අතර වෛරී හැඟීම් දනවන හා මහජන සාමය බිඳවැටීමේ අවධානමක් ඇතිකරමින්, සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර ගිය මෙකී සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර වගකිවයුතු පාර්ශ්වයන් සම්බන්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් බවයි.

කෙසේ වෙතත් මෙම ආන්දෝලනාත්මක පුවත පිළිබඳව දිගු ලිපියක් දැනටමත් දේශපාලන රැකවරණ ලබා විදෙස්ගතව සිටින මාධ්‍යවේදියෙක් වන සනත් බාලසූරිය විසින් පළකර ඇති බවද සඳහන්.

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

එසේම එකී ලිපිය 2700 ක් වැනි විශාල පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර ඇති බවත් පවසයි.

අඳාළ පුවත අසත්‍ය බවට මල්වතු විහාරය වෙතින් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කිරීම සමඟ සනත් බාලසූරිය නම් මාධ්‍යවේදියා තම පුවත නිවැරදි බවට සඵත කර ඇති බව ද පවසයි.

ඒ පහත පරිදියි.

අවුලපු ගින්නට ආණ්ඩුවෙනුත් පිදුරු දාලාද? මහින්ද මල්වතු නාහිමිට මඩ ගහපු ඔක්කොටම විරුද්ධව පැමිණිල්ලක් | Complaint Against All Those Who Slandered Mahinda

ඊට අමතරව ජනාධිපති මාධ්‍ය අංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ වශයෙන් ක්‍රියා කරන සිසිර සෙන්පති ද මෙකී තොරතුර “උපුටාගැනීමකි” ආකාරයට පළකොට පසුව එය ඔහු ඉවත් කර ඇති බවද වාර්තා වේ.

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

මේ පළ කිරීම ඉවත් කිරීමට පෙරම බොහෝ දෙනා අදාළ පළකිරීම විවේචනය කර තිබුණේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයට ගැළපෙන ලෙස හැසිරෙන බව දන්වමින් බව ද සඳහන්.

මේ අතර දේශපාලන ක්‍රියාකාරියෙක් මෙන්ම youtube චැනලයක් පවත්වාගෙන යන කැලුම් ජයසුමන නැමැත්තා ද වීඩියෝවක් ඉදිරිපත් කරමින් සෘජුවම සිසිර නැමැත්තාව හාස්‍යට ලක්කර ඇත්තේ මෙකී සාවද්‍ය මඩ ප්‍රහාරය ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයෙක් සේ ක්‍රියා කරමින් සිටියදී සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළකර තිබීම හේතුවෙන් බව කියයි.

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

කෙසේ වෙතත් මේ පිළිබඳ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දරන්නේ මෙකී ද්වේෂසහගත සහ අසත්‍ය පුවත ආණ්ඩුව පාර්ශ්වයෙන් නිර්මාණය කරනු ලැබූවක් බවට ඔවුන්ට නිරීක්ෂණය වූ බවයි. ඊට සාක්ෂි වශයෙන් මුල් අදියරේදී ජනාධිපති මාධ්‍ය අංශයේ සිසිර සෙන්පති එය උපුටා දැක්වීම ඔවුන් පෙන්වන බව සඳහන්.

තවද එය දැඩි ආණ්ඩුව හිතවාදීයෙක් සේ මාධ්‍යකරණයේ යෙදෙන සනත් බාලසූරියගේ සටහනේ අන්තර්ගතයට ඉහත සටහන බෙහෙවින්ම සමාන බවද ඔවුන් දක්වන බව වාර්තා වේ.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

ඊට අමතරව ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී තිබූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වූ විට සභාව ඇමතූ ජනාධිපතිවරයා ගරුතර සංඝ සමාජය වෙතින් සිදුකළ ඉල්ලීමද ඔවුන් මෙහිදී සිහිපත් කර ඇත.

එනම් ජනාධිපතිවරයා විසින් , බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් පැවසූ බවත් සඳහන් කරයි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රකාශ කරන්නේ සංඝ සමාජයට යුතුකම් ඉටුකිරීමට අවශ්‍ය ඉඩ සැකසීමට ජනාධිපතිවරයා කොපමණ අවංකද යන්න සිය මාධ්‍ය අධ්‍යක්ෂවරයා පිළිබඳව ගනු ලබන තීන්දුවෙන්ම බලා ගැනීමට හැකිවනු ඇති බවයි.  

අද ලග්න පලාපල – 2025 ජූලි 03 | ලග්නය කියන අරුම පුදුම දේ!

අද ලග්න පලාපල – 2025 ජූලි 03 | ලග්නය කියන අරුම පුදුම දේ!

GalleryGalleryGallery
ReeCha