කුවේටයේ යළි ගිනි ඇවිලෙයි - ඉරානයේ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඉතාලි ජාතිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

By Kaushi Nov 26, 2026 04:56 PM GMT
Report

කුවේටය වෙත ඉරානය අද (26) එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වීමෙන් ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉතාලි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මොවුන් ජර්මානු ආරක්ෂක සමාගමක් වන 'රයින්මෙටල්' (Rheinmetall) හි ඉතාලි ශාඛාවේ සේවය කළ තාක්ෂණික ශිල්පීන් දෙදෙනෙක් බව සඳහන්.

ඒ අනුව එක්සත් ජනපදයේ මිත්‍ර රාජ්‍යයක් වන කුවේටය ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයක් පිළිබඳව මෙම මාසය තුළ වාර්තා වූ දෙවන අවස්ථාව මෙය බව සඳහන්.

රෝමයේදී සෙනෙට් සභාව අමතමින් විදේශ අමාත්‍ය ඇන්ටෝනියෝ තජානි සඳහන් කර ඇත්තේ, ඉරාන ඩ්‍රෝන යානා මඟින් ඉලක්ක කරන අවස්ථාවේදී මෙම 'රයින්මෙටල් ඉතාලියා' (Rheinmetall Italia) තාක්ෂණික ශිල්පීන් දෙදෙනා කුවේටයේ ගුවන් ආරක්ෂක නිරීක්ෂණ මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි බවයි.

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

එසේම කුවේටයෙන් ලැබුණු තොරතුරුවලට අනුව, ප්‍රබල පිපිරීමක් සිදුවීමෙන් පසු අපගේ පුරවැසියන් දෙදෙනාම මිය ගොස් ඇති බවත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් පාකිස්තාන ජාතිකයෙකු සහ කුවේට් හමුදාවේ කපිතාන්වරයෙක් යනුවෙන් තජානි ප්‍රකාශ කළ බවත් සඳහන්.

මෙහිදී ඉරාන ප්‍රහාරයක් යැයි සැලකෙන මෙම සිදුවීමේදී 'වැදගත් ස්ථානයක්' ඉලක්ක කෙරුණු අතර, එහිදී කඩා වැටුණු සුන්බුන් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබූ බව කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය මුලින් වාර්තා කර ඇත.

අනතුරුව එම අමාත්‍යාංශය තහවුරු කළේ, මිය ගිය දෙදෙනා ඉතාලි ජාතිකයින් බවත්, තුවාල ලැබූ අනෙක් දෙදෙනා කුවේට් ජාතිකයෙකු සහ පාකිස්තාන ජාතිකයෙකු බවත්ය.

එසේම එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ කුවේට් ගුවන් සීමාව තුළට ඇතුළු වූ ඩ්‍රෝන යානා කිහිපයක් හඳුනාගෙන ඒවාට එරෙහිව පියවර ගත් බවත්, මෙම ප්‍රහාරය හේතුවෙන් දේපළ හානි සිදුවී ඇති බවත් ය.

ගෙවුණු පැය 24 තුළ මි.මී 175 ක වැඩිම වර්ෂාපතනය කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් - අද රාත්‍රී 11.30 දක්වා රතු එළියක්

ගෙවුණු පැය 24 තුළ මි.මී 175 ක වැඩිම වර්ෂාපතනය කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් - අද රාත්‍රී 11.30 දක්වා රතු එළියක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්