මිලියන ගණනකගේ පැතුමකට පණ දෙමින් ඒඩ්ස් සදහටම තුරන් කරන්න එන්නතක්.. විප්ලවීය එන්නතේ පළමු තොගය උගන්ඩාවට

Report

HIV ආසාදනය වැළැක්වීම වෙනුවෙන් නිපදවූ විප්ලවීය එන්නතක අඩු වියදම් පළමු තොගය උගන්ඩාවට ලැබීමට නියමිතව ඇති බව සඳහන්.

ඒ අනුව රෝග ව්‍යාප්තිය වැඩිම අප්‍රිකානු කලාපය පුරා මෙම ඖෂධය ව්‍යාප්ත කිරීමේ නව බලාපොරොත්තු දැල්වී ඇති බව වාර්තා වේ.

ලෙනකපාවිර් (Lenacapavir) වශයෙන් හැඳින්වෙන මෙම ඖෂධයේ පළමු ගෝලීය තොගය ඊයේ (25) දින සැම්බියාවට ළඟා වූ බවත්, ඉදිරි දින කිහිපය තුළ උගන්ඩාවට එම තොග ලැබෙනු ඇති බවත් ගෝලීය අරමුදල නිවේදනය කළ බව සඳහන්.

එසේම සිම්බාබ්වේ රාජ්‍යයට ලබන වසරේ මුල් භාගයේදී මෙම එන්නත් තොග ලැබීමට නියමිත අතර තවත් රටවල් කිහිපයකටම ඉන් පසුව ඒවා බෙදා හැරීමට සැලසුම් කර ඇති බවත් සඳහන්.

එමෙන්ම වසරකට දෙවරක් එන්නතක් වශයෙන් ලබා දෙන මෙම ඖෂධය, HIV ආසාදනය වැළැක්වීම සඳහා 100%කට ආසන්න සාර්ථකත්වයක් පෙන්නුම් ක‍රන බව වාර්තා වේ.

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

වාර්තා වන ආකාරයට මෙම අඩු වියදම් එන්නත සඳහා පුද්ගලයෙකුට වසරකට වැය වන්නේ ඇමෙරිකානු ඩොලර් 40ක් පමණයි.

එසේම අමෙරිකානු ඖෂධ සමාගමක් වන ගිලියඩ් සයන්සස් විසින් නිපදවූ මෙහි මුල් ඖෂධය අමෙරිකාව තුළ වසරකට ඩොලර් 28,000ක් පමණ වූ බැවින් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට එය දැරිය නොහැකි මට්ටමක පැවතුණ බව සඳහන්.

මෙමඟින් HIV වෛරසයේ ආරක්ෂිත ප්‍රෝටීන් කවචය ඉලක්ක කර ගනිමින් වෛරසය ගුණනය වීම සහ ශරීරය තුළ ආසාදනයක් ඇති කිරීම අඩපණ කරන බව පවසයි.

ඉකුත් 2024 වසරේදී උගන්ඩාවේ සහ දකුණු අප්‍රිකාවේ නව යොවුන් වියේ ගැහැණු ළමුන් සහ තරුණ කාන්තාවන් 5,000කට අධික පිරිසක් යොදාගෙන සිදු කළ සුවිශේෂී සායනික පරීක්ෂණයකදී, මෙම එන්නත ලබා ගත් කිසිවෙකුට HIV ආසාදනය නොවූ බව තහවුරු වී ඇති බව සඳහන්.

එසේම සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙන්නේ දිනපතා ලබා ගත යුතු සහ සමාජ අපවාදයන්ට ලක්වීමේ අවදානමක් පවතින දැනට භාවිතා වන HIV නිවාරණ පෙතිවලට (PrEP) වඩා මෙම එන්නත විශාල ලෙස වාසියක් සලසන බවයි.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2025 ජූලි මාසයේදී HIV නිවාරණය සඳහා මෙම ඖෂධය නිර්දේශ කර ඇත.

බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30 ට පෙර මේක නොකළොත් කිසිදු ආදායමක් නැතත් රු ලක්ෂ 4ක් දක්වා දඩ..

බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30 ට පෙර මේක නොකළොත් කිසිදු ආදායමක් නැතත් රු ලක්ෂ 4ක් දක්වා දඩ..

මේ අතර ගෝලීය අරමුදලට අනුව මේ වන විටත් රටවල් 10ක පුද්ගලයින් 189,000කට අධික පිරිසක් මෙම එන්නත ලබාගෙන ඇති අතර මේ වසර අවසන් වන විට රටවල් 24කට මෙම එන්නත ලබා දීමටත්, අමෙරිකානු රජය සමඟ එක්ව 2028 අවසන් වන විට අවම ලෙස පුද්ගලයින් මිලියන තුනකට එන්නත ලබා දීමටත් සැලසුම් කර ඇත.

ඒ අනුව අවසානයේදී අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් 120ක මෙම ඖෂධය ලබා ගත හැකි වේ. ගෝලීය ලෙස HIV සමඟ ජීවත් වන පුද්ගලයින්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් උප-සහාරා අප්‍රිකාවේ වෙසෙන අතර, නව යොවුන් වියේ ගැහැණු ළමුන් සහ තරුණ කාන්තාවන් ඉන් වැඩි ලෙස පීඩා විඳින බව සඳහන්.

එමෙන්ම මිලියන අටකට ආසන්න පිරිසක් HIV ආසාදිතව සිටින දකුණු අප්‍රිකාවට ද මෙම අඩු වියදම් එන්නත ලැබීමට නියමිත බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ඉකුත් වසරේදී ලොව පුරා මිලියන 41ක් පමණ HIV සමඟ ජීවත් වූ අතර 570,000ක් HIV ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ අමෙරිකානු විදේශ ආධාර කප්පාදු කිරීම නිසා අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන්වලට බාධා එල්ල විය හැකි බවට පවතින කනස්සල්ල මධ්‍යයේ මෙම නව එන්නත හඳුන්වා දීම සිදු වූ අතර 2030 වසර වන විට මහජන සෞඛ්‍ය තර්ජනයක් වශයෙන් පවතින ඒඩ්ස් (AIDS) රෝගය තුරන් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉලක්කය වේ.

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්