සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් - මේ සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දින සහ වේලාව මෙන්න
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ 2023 කණ්ඩායමට අදාළව, ඌව පළාතේ බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවල සියලුම සුදුසුකම්ලත් අයැදුම්කරුවන් සඳහා වන සම්මුඛ පරීක්ෂණ එළඹෙන 28 වැනි සෙනසුරාදා සහ 29 වැනි ඉරිදා යන දෙදින පෙරවරු 8.30 සිට බදුල්ල හෙද විදුහලේදී පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන බව සඳහන්.
එසේම එම අමාත්‍යාංශය පවසන්නේ මෙම වසර තුළ පමණක් මේ දක්වා සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික්ක 21ක සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බවයි.
එබැවින් ගාල්ල, ගම්පහ, කළුතර, කොළඹ, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මහනුවර, නුවරඑළිය, මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, මාතර, හම්බන්තොට, යාපනය, කිළිනොච්චිය, මන්නාරම, වවුනියාව හා මුලතිව් යන දිස්ත්‍රික්කවල මෙම සම්මුඛ පරීක්ෂණ මේ වන විටත් පවත්වා ඇති බව සඳහන්.