මිද්දෙණියේ හමු වූ රසායනික ද්‍රව්‍ය තොගයේ සාම්පල පහක අයිස් සාන්ද්‍රණ
මිද්දෙණියේ ඉඩමකින් සොයාගත් කෙහෙල් බද්දර පද්මය විසින් මෙරටට ගෙන්නූ බව කියන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගෙනෙන අමුද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය තොගයේ සාම්පල පරීක්ෂා කිරීමට රස පරීක්ෂක වෙත යොමු කර තිබුණි.
ඒ අනුව අමුද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය තොගයේ සාම්පල විස්සකින් සාම්පල් පහක අයිස් මත්ද්‍රව්‍ය සාන්ද්‍රනයක් ඇතුළත් බව තහවුරු වූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (06) පැවති පොලිස් විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීයි. එමෙන්ම මෙම ඉඩමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔහු බස්නාහිර - උතුර කොට්ඨාසය වෙත භාර දී ඇති බවත් ඔහු සඳහන් කළා.