ඇල්ල බස් අනතුරට ඇත්තම හේතුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ පෙරේදා(03) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් මූලික පරීක්ෂණවලදී බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥයකු විසින් බස් රථයේ සුන්බුන් පරීක්ෂා කිරීමෙන් පසු එම යාන්ත්‍රික දෝෂය සනාථ කරන වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, අනතුරට නිශ්චිත හේතුව තහවුරු කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බවද වූට්ලර් මහතා පැවසීය.
අනතුරට ලක්වූ බස් රථය ප්‍රපාතයකට පෙරලී ගොස් ඇති අතර, එහි සුන්බුන් සොයාගෙන ඇත. වැඩිදුර පරීක්ෂණ සඳහා එම සුන්බුන් හෙට (07) රජයේ රස පරීක්ෂකවරයාට භාර දීමට නියමිතය.
මෙම ඛේදවාචකයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත. බලධාරීන් විසින් මෙම අනතුර සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
