මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු
පළපුරුද්ද නැති පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා යනුවෙන් තමා බස් හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව පොඩි කොල්ලන්ට බස් රථ එළවන්න දෙනවානම් එය අයිතිකරුවන් කරන බරපතළ වරදක් බවද ඔහු පැවසුවා.
එසේම රිය ඵළවීම වගේම කාර්මික ඥානයද බස් රථ රියදුරුට අවශ්‍ය බවත් ඒ පදනම ඇති කිරීමට වහාම නීති ගෙන ආ යුතු බවත් විජේරත්න මහතා සඳහන් කළා. ඒ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
තවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ,
"බල පත්‍රයක් යටතේ බස් ධාවනය කරන කොට කොන්දේසි ගණනාවක් සපුරන්න ඕන. රියදුරාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාහනේ කාර්මික තත්ත්වය පිළිබඳව සහතිකයක් දෙන්න ඕන. ඒ වගේ අපේ බස් රථවල විශේෂයෙන්ම රියදුරාගේ පළපුරුද්ද බලනවා. පොඩි කොල්ලන්ට මේ වගේ බස් රථය දීලා අයිතිකරුවන් කරලා තියෙන්නේ බරපතළ වැරැද්දක්, අපි නම් එහෙම යොදවන්නේ නැහැ. ඒ වගේම අපේ රියදුරන් කඳු පල්ලම් අනතුරු තියෙන තැන් ගැන විස්තර ඔක්කොම දන්නවා, අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින්," යනුවෙන්.