“රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන්
2030 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙරට ඉදි කෙරෙන විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වන සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (06) ආරම්භ කෙරුණා.
මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 140ක්. කොටියාගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයේ අක්කර 500ක පමණ විශාල භූමි ප්‍රදේශයක මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙනවා. ව්‍යාපෘතියේ කටයුතු 2027 පළමු කාර්තුවේදී අවසන් කිරීමට නියමිතයි.