තෙල් බවුසරේකට ත්‍රීරෝද රථයක් හැප්පිලා - ඇතුලේ හිටපු කිරිසප්පයට දරුණු තුවාල

Report

ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි බවුසර් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටී එතුල සිටි කුඩා දරුවකට බරපතල තුවාල බව හැටන් පොලිසිය පවසයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාරුයි - බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂට අමාරුයි - බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි.

අදාල දරුවා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර කොළොන්නාවේ සිට කොටගල ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන ප්‍රවාහනය කරන ලද බවුසර් රථය මෙලෙස ත්‍රීරෝධ රථය හා ගැටුණි.

ඊයේ (05) දින පස්වරු 5:00ට මෙම අනතුර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ශැනන් වත්ත ප්‍රදේශයේදී සිදුවිය.

ඔයාගේ දරුවව දැන්ම බේරගන්න - 2016 ඉදලා පාසල් දරුවන්ට පටන් ගත්ත භයානක ලෙඩ කෝටිය

ඔයාගේ දරුවව දැන්ම බේරගන්න - 2016 ඉදලා පාසල් දරුවන්ට පටන් ගත්ත භයානක ලෙඩ කෝටිය

බවුසර් රථයට ඉදිරියෙන් තුවාල ලැබූ දරුවාගේ මව විසින් ෂැනන් වත්තේ සිට හැටන් දක්වා ත්‍රීරෝද රථය ධාවනය කරවන අවස්ථාවේ එම දිසාවටම ධාවනය වු බවුසර් රථය ත්‍රී රෝද රථය ඉස්සර කර යෑමට උත්සහ කිරිමේදි බවුසර් රථයේ පසුපස ටැංකියේ යකඩ කොටසක් ත්‍රීරෝද රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදු වී ඇති අතර,බවුසර් රථයේ ඉන්ධන ගොඩ බෑමෙන් පසු එම රථයේ රියදුරුව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා සැකපිට අත්අඩංගුවට ගත් බවයි හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කියා සිටියේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්