මාලිමා ආණ්ඩුව ගම්මන්පිලව ඇප නැතිව අත්අඩංගුවට ගන්න හදනවා කියලා රනිල්ට මුට්ටි අල්ලන සභිකයෝ
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභිකයන් පිරිසක් අතර හමුවක් කොළඹ පිහිටි හිටපු ජනපතිතුමන්ගේ නිවසේ දී සිදුව තිබෙනවා.
ඒ අනුව එහිදී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ICCPR පනත අවභාවිතා කරමින් අසාධාරණ ආකාරයට අත්අඩංගුවට ගැනීමට මාලිමා ආණ්ඩුව දරන උත්සාහයක් පිළිබඳව හිටපු ජනපතිතුමන්ව දැනුම්වත් කිරීමට පිවිතුරු හෙළ උරුමයේ මධ්‍යම කාරක සභිකයන් කටයුතු කර ඇති බව සඳහන්.