15 දෙනෙකුට මරු කැඳවපු ඇල්ල බස් රථයේ රියදුරු මත්ද්‍රව්‍ය පාවිච්චි කරාද නැද්ද? රුධිර පරීක්ෂණ

Report

ඇල්ල 15 කනුව ප්‍රදේශයේදී 15කට මරු කැදවමින් 18 කට තුවාල සිදුකර රාවණා ඇල්ල රක්ෂිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලී ගිය විනෝද චාරිකා බස් රථය පැදවූ රියදුරුගේ රුධිර සාම්පල හෙට (7) දින වැඩිදුර පරික්ෂණ කටයුතුවලට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව ඇල්ල පොලිසිය ප්‍රකාශ කරයි.

තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් විසින් තම පවුලේ සාමාජිකයන් සමග නුවර එළිය විනෝද චාරිකාවකට ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදී පසුගිය 4 වන දින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී මෙසේ දරුණු අනතුරකට ලක් වුණා.

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

ඒ එම විනෝද වාරිකා පෞද්ගලික බස් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජිප් රථයක ගැටී පසුව මාර්ගය අසල තිබූ ආරක්ෂිත යකඩ වැටේ ගැටි රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළී යාමෙන්.

එසේම මෙම අනතුරින් එම විනෝද චාරිකා බස් රථයේ රියදුරු තංගල්ල හේනකඩුව පදිංචි තෝමර් හැන්නැදිගේ විරාත් දීමන්ත (25) නම් තරුණ රියැදුරුද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

කෙසේ වෙතත් මෙම විනෝද චාරිකා පෞද්ගලික බස් රථය පදවන විට මියගිය රියැදුරු මත්ද්‍රව්‍ය හෝ කිසියම් විශ මත්ද්‍රව්‍යයක් පාවිච්චි කර සිටියේ ද යන්න සොයා වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කිරීමට මෙසේ ඔහුගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ කටයුතු වෙනුවෙන් රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන බවත් ඇල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික එච් පී පාලිත මහතා පවසා ඇත.

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි