යාලුවා එක්ක හෝටලේට ඇවිත් රෑ බීලා වැටුණා උදේ බලද්දී ඇහැරෙන් නෑ පොලීසිය බලද්දී මැරිලා

Report

දිඹුල පතන පොලිසිය වාර්තා කර ඇත්තේ හැටන් කොටගල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි පුද්ගලයෙකු ඔහු නවාතැන් ගත් හෝටලය තුලම මිය ගොස් ඇති බවයි.

ඇල්ල වැල්ලවාය ඛේදවාචකයේදී දිවි නොතකා කැපවූ විදෙස් කාන්තාව එමී

ඇල්ල වැල්ලවාය ඛේදවාචකයේදී දිවි නොතකා කැපවූ විදෙස් කාන්තාව එමී

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 60ක් වන කොළඹ ප්‍රදේශයේ සිට කොටගල ප්‍රදේශයට සංචාරයක් සඳහා පැමිණි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා තම යහළුවකු සමග සංචාරක හෝටලයට පැමිණ බවත් ඔහු සමඟ මත්පැන් පානය කිරීමෙන් පසුව හෝටලය තුල ඇද වැටුණු බවත් වාර්තා වේ.

පසුව ඔහු යලි නැගිට කාමරය වෙත ගොස් තිබුනද උදෑසන අවදි නොවීම නිසා හෝටලයේ සේවකයෙකු පොලිසියට පැමිණිලි කර ඇත.

නාමල්ලගේ ජෝන්ස්ටන්ලගේ පින්තූර පෙන්නමින් මහජන ආරක්ෂක ඇමති සෙට් එකේම සායම යවයි

නාමල්ලගේ ජෝන්ස්ටන්ලගේ පින්තූර පෙන්නමින් මහජන ආරක්ෂක ඇමති සෙට් එකේම සායම යවයි

හෝටලයට පැමිණි පොලීසිය පරික්ෂා කිරිමේදි සොයාගෙන ඇත්තේ එම පුද්ගලයා හෝටලය තුළදීම මිය ගිය බවයි.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් ස්ථාන පරික්ෂණය අද (06) පස්වරුවේ පවත්වා ඇති අතර සිරුර දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෙද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්