කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පාතාලකරුවෝ ගැන පාර්ලිමේන්තුවේදි කරන්න යන විශේෂ ප්‍රකාශයක්
කෙහෙල් බද්දර පද්මේ ඇතුළු පාතාලකරුවන් සහ රටේ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව රජය එන සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවට පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා වේ.
ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් එම ප්‍රකාශය කෙරෙනු ඇති බව සඳහන්.
එසේම පාතාල ක්‍රියාකාරකම් සහ රටේ තැන තැන සිදුවන වෙඩි තැබීම් පිළිබඳව එන සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සමගි ජන බලවේගය ඇතුව විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙන බව ද වාර්තා වේ.
මේ අතර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරන්නේ රට පුරා තැන තැන සිදුවන වෙඩි තැබීම් නිසා ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවයි.