රුපියල් බිලියන 77,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියකට
By Shehan
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 77,000ක වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙම වෙන්දේසිය යටතේ, දින 91කින් කල් පිරෙන රුපියල් බිලියන 12,000ක භාණ්ඩාගාර බිල්පත්, දින 182කින් කල් පිරෙන රුපියල් බිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364කින් කල් පිරෙන රුපියල් බිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බව මහ බැංකුව පවසයි.