මිනිබිරියට ආසාවෙන් සීයා යකෙක් වෙලා ඇවිත්

Gossip Today Sinhala news
By Hashan May 26, 2025 10:50 AM GMT
Hashan

Hashan

Report

මේ කතාව අහන්න ලැබෙන්නේ පොලොන්නරුව පැත්තෙන්.   මේ සිද්ධියේ කතා නායිකාව වෙන්නේ තිස් දෙහැවිරිදි තරුණ කාන්තාවක්. 

ඇයගේ නම වෙන්නේ රාණි . ඇය කොළඹට නුදුරු වෙළඳ කලාපයක රැකියාවක් කරා . කොහොම හරි පුදුමයට කරණය තමයි මේ වෙනකොට ඇය පිරිමි පස් දෙනෙකු සමඟ විවාහ වෙලා හිටපු එක.එයින් දෙදෙනෙකු හින්දා ළමයි දෙන්නෙකුත් ඉන්නවා .ළමයි දෙන්න නම් තාත්තලත් එක්ක ඉන්නවා කියල තමයි දැන ගන්න ලැබුණේ.     

සමගියේ ලොකු අවුලක්...මරික්කාරුත් කණගාටුවෙන්

සමගියේ ලොකු අවුලක්...මරික්කාරුත් කණගාටුවෙන්

රාණි ගිය ගිය තැන අවුල් . එයා මත්පැන් වලටයි දුම්පානයටයි හෙනට ඇබ්බැහි වෙලා හිටියේ . එයා ඇත්තටම හිතන් හිටියේ අද විතරයි ජිවත් වෙන්නේ කියල. ඒ නිසාම කරන්න තියන හැම දේම කරලා විනෝදෙන් ඉන්න තමයි බැලුවේ.   තමන්ට තමන්ව පාලනය කර ගන්න බැරි මානසිකත්වයක් නිසා ඇසුරු කරන අය එක්ක නිතර රණ්ඩු සරුවල් ඇති කර ගත්තා.     

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

කොහොම හරි මේ හැම දේම පටන් ගත්තේ රාණි ට වයස අවුරුදු දහ තුනෙන් පස්සේ . වැඩිවියට පත් උනාට පස්සේ අම්ම එයාට මල්කාන්ති කිව්වා.   

දියණියගේ මේ අමුතු ගති පැවතුම් මොන අපලයක් නිසා ද? මොන කරුම විපාකයක් හින්දද හොයා ගන්න බරුව දියණිය ව ගවේෂණ මධ්‍යස්ථානයකට එක්කරගෙන ගියා.  එහි දී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැහිලා රාණිගේ මේ අසාමාන්‍ය තත්වය ගැන විස්තර කළා.

රැකියාවේ නිවාඩු දිනවලට ගමට ගිහාම මේ ගති වැඩි වන බව ද ඇයගේ අම්මා කිව්වා.    ගවේෂකවරයා රාණි සමඟ සාකච්ඡා කරන විට තමාගේ ඒ ක්‍රියාකලාපය වැරදි බව වැටහුණත් ඒවා නතර කැර ගත නොහැකි බවත්,  කටින් පිට වන වචන වැරදි බව වැටහුණත් ඒවා පාලනය කැර ගත නොහැකි තත්ත්වයක් ඇති බවත් ඇය කිව්වා .

පුද්ගලයෙක් පස් කන්දකට යටවෙයි, බේරා ගැනීමට පැයක මෙහෙයුමක්

පුද්ගලයෙක් පස් කන්දකට යටවෙයි, බේරා ගැනීමට පැයක මෙහෙයුමක්

රෝග පරීක්ෂාවේ දී රාණි ගැහෙන්නට වූණා . ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව නිගමනය කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දීලා තියෙනවා.   

බෝධි පූජා අවසන් වෙන කොට නැවත පැමිණි දිනයේ රාණිගේ ශරීරයෙන් භූතාත්මයක් ආවිෂ්ට වී කතා කරන්නට පටන් ගත්තා.   පස්සේ ගවේශකයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්න ගත්තා.   

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?” යි ඇසීය

“මම විල්බට්” යැයි භූතයා උත්තර දුන්නේය.

“කවුද විල්බට් කියන්නේ?”

“මේ රාණි දුවගේ සීයා. තාත්තාගේ තාත්තා.”

“මොනවා වෙලාද මැරුණේ?”

“වයසට ගිහින්”

“ඇයි මේ මිනිබිරීට කරදර කරන්නේ?”

“මම කරදර කරන්නේ නෑ. මම මේ කෙල්ලට ආදරෙයි.”

“ඔබට මොනවාද වුවමනා?”

“මට කිසි දෙයක් එපා. මට මෙයා ළඟ නිදහසේ ඉන්නයි ඕනෑ.”

“ඔබට පින් දෙන්නද?”

“එපා මට පින් එපා.”

“ඇයි මේ ළමයාගේ ඇඟට රිංගුවේ?”

“මේ දැරිවි ලස්සනයි. ඉස්ස‍ර මේ ළමයා මිදුලේ සෙල්ලම් කරන කොට කෙල්ලගේ කඩවසම් ගතියට මගේ හිත ඇදිලා ගියා. මම මැරෙන වෙලාවේ මේ ළමයාව මතක් වුණා. මැරිලා මේ ළමයා ළඟ ඉපදිලා ඇඟට රිංගුවා.”

“ඇඟට රිංගලා මොනවද කළේ?”

“ඇඟට රිංගලා මෙයාව රාගයට පෙළඹෙව්වා. කසාද බැඳලා මේ කෙල්ල සතුටු වෙනවා දැකලා මමත් සතුටු වුණා. ඒ සතුට මට ආහාරයක් වුණා.”

“ඔය කියන ආහාරවලින්මද යැපුණේ?”

“නැහැ. ඝන ආහාරත් ලැබුණා. මේ ළමයගෙ ශරීරයෙන් පිට වෙන අපවිත්‍ර ලේ ආහාරයට ගත්තා.”

“ඊට අමතරව මොනවාද කළේ?”

“පිරිමි එක්ක රණ්ඩු ‍කැරෙව්වා. විවාහ කඩාකප්පල් කළා. එක මිනිහෙක් පන්නලා තව මිනිහෙක් යාළු කෙරෙව්වා.”

“ඔබ කර තියෙන්නේ වැරදි වැඩක්. විවාහ කඩාකප්පල් කරලා. දරු දෙන්නෙක් අනාථ කරලා. මහා පාපයක්. කරුණාකර මේ ශරීරය අතහැර ඉවත් වෙලා යන්න.”

“බැහැ.... බැහැ... මට යන්න බැහැ. මම මෙයාව දාලා යන්නේ නෑ” යි ප්‍රේතයා කීවේය.

ගුරුවරු විරෝධතාවයක

ගුරුවරු විරෝධතාවයක

ගවේෂකවරයා රාණිගේ මව අමතමින් වයස අවුරුදු දහ තුනේ පටන් අවුරුදු තිස් දෙක වනතුරු මේ ගති පුරුදු දැකලා පිළිවෙතක් ප්‍රතිකාරයක් ක‍ෙළ් නැද්දැයි ප්‍රශ්න කළේය.

“සාස්තර අහන්න ගියා. දේවාලවල ගියා. ඒ ගිය තැන්වලින් කිව්වේ දුවට කළුකුමාර දිෂ්ටිය කියලා. ඒවාට තොවිල් කළා. ඒත් මාසයකට වඩා ගුණයක් තිබුණේ නෑ. මෙයාගෙ රණ්ඩු කරන ගති මතු වුණා.  ඒ වගේ තොවිල් ගණනාවක් කළා.” මල්කාන්ත පැවසුවාය.

“හි..... හි..... කට්ටඩින්ට පුළුවන්ද මාව පන්නන්න. මගේ මහ ගෙදර. මගේ ඉඩකඩම. මුන් තොවිල් කරන්න ගොස් අතු කපන කොට, පොල් මල් පුවක් මල් හොයන කොට මම දන්නවා. මම පැනලා ගියා.  කට්ටිය බොරු කරලා සල්ලි කඩා ගෙන ගියා. උන් පුංචි පුංචි ආරස්සාවල් දාලා ගියා. මම ඉඩමෙන් පිට වෙලා ගිහින් ටික දවසකින් ආයෙත් කෙල්ල හොයා ගෙන ආවා” යි මල්කාන්තිගේ කතාව අසා සිටි භූතයා යළිත් මතු වී හිනා වෙන්නට වූයේය.

බෝධි පූජා පවත්වන විට පොළොන්නරුවේ ගෙදර රාත්‍රියට සද්ද බද්ද ඇහෙන්නට වූ බවත් ගෙදර බඩුමුට්ටු පෙරළන්නට වූ බවත් මල්කාන්ති කීවාය.

අනුදිට බැනලා මැසේජ්..අනුදිටත් කේන්ති යයි..

අනුදිට බැනලා මැසේජ්..අනුදිටත් කේන්ති යයි..

“දැන් මේ අයට කරදර කළා ඇති. ඔබ මේ ළමයාගේ සීයා නොවෙයි. දැන් විල්බට් නොවෙයි, දැන් මළ ප්‍රේතයෙක්. මේ අහිංසක අයට ‍කරදර නොකර වහාම ඉවත්වෙලා යන්නැ” යි ගවේෂකවරයා කීය.

“ඇයි බොල මගේ ගෙදර මගේ ඉඩමේ මට ඉන්න බැරිද? මාව නවත්තන්න කාටවත් බෑ. මට ඕනෑ විදිහට මම ඉන්නවා.” යි භූතයා පුරසාරම් කියන්නට විය.

“මේකා හොඳින් කියන දේ අහන පෙරේතයෙක් නොවෙයි” කී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතයා පුච්චා දුර්වල කොට රාණිගේ ශරීරයෙන් එළියට ඇද දැම්මේය. රාණිටත් මවටත් නිවසටත් ඉඩමටත් ආරක්ෂා යොදා දිනපතා උදේ හවස ඉටු කළ බෞද්ධ පිළිවෙත් ගණනාවක් නියම කළේය. 

ReeCha