කලබල අස්සේ හරිනි මැණික් බලන්න ගිහින්

Ratnapura Harini Amarasuriya Gem Gems and Jewelery Authority
By Kaushi Aug 15, 2025 12:18 PM GMT
Kaushi

Kaushi

Report

මැණික් හා ස්වර්ණාභරණවලට මෙරට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා සිටිය ද අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය මේ බව සඳහන් කළේ “Gem City Ratnapura- 2025” නමින් පැවැත්වෙන ජාත්‍යන්තර 'මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025' සමාරම්භක උත්සවය අමතමින්.

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

හරිනෙ අමාරුව මැරුණා කියලා වැළලෙන්න ගියා, පුළුවන් නම් ලොහාන් වලෙන් නැගිටලා රාජපක්ෂලාට හොඳවයින් අමතයි

මෙහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළ ජය ගත හැකි පරිදි ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමට රජය කටයුතු කරන බව සඳහන් කළා.

එසේම ඇය තවදුරත් පැවසුවේ,

“ශ්‍රී ලංකාව මැණික් සඳහා මුළු ලෝකයේම ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම මෙම මැණික්වලින් විශාල ප්‍රමාණයක් හමුවන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. නමුත් රත්නපුරට හිමි එම ගෞරවය ලැබී ඇති දැයි අප විමසිය යුතුයි. උසස් තත්වයේ මැණික් අපනයනයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයෙන් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය විශාලයි. කෙසේ නමුත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් දේශීය අපනයන ආදායමට දැක්විය හැකි උපරිම විභවතාවයට අපි තවමත් ළඟා වී නැහැ. නොගැළපෙන ප්‍රතිපත්තීන් මෙම ක්ෂේත්‍රයේ වර්ධනයට බාධා ඇති කරනවා. නමුත් මැණික් කර්මාන්තයේ අභිලාශගත ඉලක්ක අපනයන ආදායම ලබා ගැනීම සඳහා අවශ්‍ය ස්ථාවර ප්‍රතිපත්තීන් සකස් කිරීම සඳහා අප රජය කැපවී කටයුතු කරනවා.'' යනුවෙන්.

නාමල් ගුටි නොකා බේරෙයි, ගොවි නායකයෝ හොඳවයින් අමතලා නැගිටලා යයි

නාමල් ගුටි නොකා බේරෙයි, ගොවි නායකයෝ හොඳවයින් අමතලා නැගිටලා යයි

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිධානය කරන මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශනය, ලෝකයේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළක් වශයෙන් ස්ථාපිත කිරීමේ අරමුණින්, විවිධ වර්ගයේ මැණික්, මැණික් හා ස්වර්ණාභරණ කැණීම් සහ සැකසීම් ක්‍රමවේදයන්, පරීක්ෂණාගාර සේවා මෙන්ම ක්ෂේත්‍රයේ පුහුණු හා අධ්‍යාපන අවස්ථා ඇතුළත් වෙන ආකාරයට මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.

ඒ අනුව මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ පළමු රජයේ වෙළඳ වෙබ් අඩවිය වන www.gemcityratnapura.com වෙබ් අඩවිය GOV PAY නවතම පහසුකම සහිතව එළිදැක්වීම ද මෙම අවස්ථාවේදී සිදු ව තිබෙනවා.   

රනිල්ගේ ෆොටෝ එක නැතුව හැම පිටුවෙම අනුරගේ ෆොටෝ එකට දැම්මට එජාපෙට මල පැනලා

රනිල්ගේ ෆොටෝ එක නැතුව හැම පිටුවෙම අනුරගේ ෆොටෝ එකට දැම්මට එජාපෙට මල පැනලා

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

බොක්ක රත් වුණ හිටපු අමාත්‍ය විමල් වීරවංශත් CIDයට

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery