දේශපාලන අතකොලු බවට පත්ව තිබූ තරුණ ප්‍රජාව දේශපාලන නායකත්වය දක්වා ගෙන ඒම රජයේ ඉලක්කයයි [VIDEO]

Anura Kumara Dissanayaka National Youth Day Latest Headlines Sinhala news National Youth Conference - Youth Club
By Shehan Aug 12, 2025 07:01 AM GMT
Shehan

Shehan

Report

දේශපාලන අතකොළු බවට පත්ව තිබූ තරුණ ප්‍රජාව දේශපාලන නායකත්වය දක්වා ගෙන ඒම වත්මන් රජයේ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

වසර 32කට පසු පැවති ජාතික තරුණ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (12) උදෑසන ආරම්භ වූ ජාතික තරුණ සමුළුවට තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගි වූහ. දිවයිනේ සියලුම දිස්ත්‍රික් නියෝජනය කරමින් තරුණ තරුණියන් 6000කට වැඩි පිරිසක් මෙම සමුළුවට එක්ව සිටිති.

සියලු දෙනාගේ සහභාගීත්වයෙන් යෞවන ප්‍රතිඥාව ලබාදීමෙන් පසු සමුළුවේ කටයුතු ආරම්භ විය. අනතුරුව නව ජාතික මණ්ඩලයේ නිලධාරීන් හඳුන්වාදීම ද සිදු කෙරිණි. ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා සමුළුවට එක්වූ සියලු දෙනා පිළිගත්තේය.

අනතුරුව සමුළුව ඇමතූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේ, අනාගතයට ගැලපෙන තරුණ පිරිසක් ගොඩනැංවීම වත්මන් රජයේ අරමුණ බවයි. ජාතික තරුණ සමුළුව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, නව ජවයකින් යුතුව තරුණ පිරිස් නායකත්වය කරා යොමු කිරීමට අවශ්‍ය සියලු පරිසරය සැකසීමට රජය කැපවන බවයි.