ඩඩ්ලි ප්‍රසිද්ධියෙම කියපු බරපතළ කතාව, මගේ අයියව මම හොඳටම දන්නවා මේවට අනුරගේ සම්බන්ධයක් නෑ [VIDEO]
2015 පෙබරවාරි 27 වෙනිදා මහ බැංකුව සිදු කළ බැදුම්කර වංචාව නිසා වර්තමානයේ පවතින ආර්ථික බංකොලොත් භාවයකට පත්ව ඇති බවට අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශයක් සිදු කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව ඔහු මෙම අදහස් ඉකුත් දිනක කුරුණෑගලදී පැවති වයඹ වෙළඳ සංගමයේ වාර්ෂික සුහද හමුව අමතමින් පළ කළ බව සඳහන් වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඔහු පවසා ඇත්තේ,

මොන නරුමයෙක්ද දෙයියනේ මාස පහේ ගැබිනි කතයි සහකරුවයි මේ තරම් කෲර විදිහට මරලා තියෙන්නේ, හිස කඳින් වෙන් කරලා
''මේ රට බංකොලොත් වෙන්න පටන් ගත්තේ මහබැංකු මහා මංකොල්ලයෙන් පසුවයි! අද අපි රටක් වශයෙන් මුහුණ දීලා තියෙන මේ ආර්ථික අර්බුදය, මේක හරි බැරෑරුම් ප්‍රශ්නයක් සහෝදරවරුනි. මේක එක එක්කෙනා එක එක විදිහට කියනවා, මම මෙව්වා බොහොම ප්‍රසිද්ධියේ කියන්නෙ, මේ රටට වුණ හානිය පිළිබඳව, මේ රටට මේ කරපු හානිය පිළිබඳව අපි දැක්කෙ 2015දී. 2015දී මම හිතුවා, මගේ අයියා පිළිබඳව මම හොඳටම දන්නවා. මේ කරපු හානියෙන් මේ ප්‍රතිඵල එන බව මට එදා තේරුණා. මම ඒක දැකලා මගේ ජීවිත පරිත්‍යාගයෙන්, මගේ ඔය දේපොළද, මිල මුදල්ද, පවුලද, දරුවොද සියල්ල පැත්තකින් තියලා 2015 අපි මේ සටන කළා මේ රටට යහපතක් කරන්න. ඒ යහපතේ ප්‍රතිඵල ලැබුණා මාස එකහමාරෙන්. අයියා ජනාධිපති වුණා ජනවාරි 08 වෙනිදා, පෙබරවාරි 27 වෙනිදා කෙළලා දැම්මා මහබැංකුවට. මම ඇහුවා, මම මෙව්වා ඔයාලා ඉස්සරහා විතරක් නෙවෙයි, මේ මාධ්‍ය තුළ ඕනෙ තැනක කියනවා, ඕනෙ කෙනෙකුට එන්න පුළුවන් නම් මගෙත් එක්ක මේවා කතා කරලා තේරුම් කරලා දෙන්න.

චීචීගේ රොකට් එක විතරක් නෙමේ නාමල්ගේ ලැම්බෝගිනිය, රත්තරන් අශ්වයින්, උගන්ඩාවේ සල්ලිත් මාලිමාවේ ඔළුවටම වැටෙන්න වැඩි දවසක් නෑ - සුගීෂ්වර
අද ඔයාලා මේ අපි, මේ ආර්ථික වශයෙන් රට වැටිලා තියෙන තත්වයට පළවෙනි මේ රටේ වුණ ප්‍රශ්නය තමයි 2015 පෙබරවාරි 27 වෙනිදා මේ බැංකු ණයට කරපු මේ අපරාධය. 2022 – 2023 වෙද්දී මේ රටේ ලොකු අරගලයක් ඇවිල්ලා ප්‍රශ්න ඇතිවුණු ස්වභාවය ගැන මට කියන්න තියෙන්නෙ, රට ලොක්ඩවුන් වුණා. ඩීසල්, පෙට්‍රල්, කරන්ට් එක නැතිව රට නැවතුණා. 2015 පෙබරවාරි 27 වෙනිදා, අපි මේ රට බේරාගන්න පත් කරගත්තු නායකයින් විසින්. මම හිතන විදියට මෛත්‍රීපාල සිරිසේන ඒකට සම්බන්ධ නෑ. ඒ ඇති කරපු ආර්ථික තත්වය යටතේ අපි ආර්ථික වශයෙන් මහත් පරිහානියකට පත්වුණා. ඊළඟට නව රජයක් පත්වුණා මෑතකදී, ඒ රජය පත්වෙන්න පෙර තාවකාලික ජනාධිපතිවරයෙක් විදියට පත්වුණා රනිල් වික්‍රමසිංහ. එතුමා නම් මේකට වගකිව යුතුමයි. ඒ පත්වෙච්ච ස්වභාවයත් එක්ක ඔය IMF එක කියන යෝජනාවලියක් මේ රට තුළ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒ යෝජනාවලියේ තියෙන මූලික ලක්ෂණය බදු ප්‍රතිශත වැඩිකරනු ලැබුවා. අර ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වාගේ අවුරුදු ගණනාවක් ආර්ථික වශයෙන් පරිහානියට පත්වුණු අපේ ව්‍යාපාරිකයින්ට මේ වාගෙ ප්‍රශ්නෙකුත් ඇතිවුණා. නමුත් දැන් කරන්න දෙයක් නෑ, මේ දේ කළ යුතුමයි. ඒක නිසා මේ ආර්ථික අභියෝගය මේ වත්මන් ජනාධිපතිවරයාගේත්, මේ පවතින රජයේත් ප්‍රශ්නයක් ගැටලුවක් විදියට සලකන්න එපා සහෝදරවරුනි, මේ ආර්ථික අභියෝගය ජයගත යුත්තේ අපි විසින්මයි." යනුවෙන්.