පාතාලයට සහාය දුන් දේශපාලනඥයින් හඳුනාගෙන - පොලිස්පති කියයි [VIDEO]

Report

පසුගිය කාලය පුරාවටම පාතාලය හිස ඔසවමින් විවිධ ක්‍රියාවන් රට තුළ සිදු කිරීමත් සමග පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය. 37 වැනි පොලිස්පතිවරයා ලෙස ධුරයේ වැඩ ආරම්භ කරමින් ඔහු අද (14) මේ බව පැවසීය.

රජයේ මුදල් කෝටි 5ක් පමණ නාස්ති කරන්න යන කොළඹ වරායේ මගඩිය එළියට - ආණ්ඩුවත් සෆෝර්ට්

රජයේ මුදල් කෝටි 5ක් පමණ නාස්ති කරන්න යන කොළඹ වරායේ මගඩිය එළියට - ආණ්ඩුවත් සෆෝර්ට්

පොලීසියේ දැක්ම අනුව යමින් එය යථාර්ථයක් කිරීමට තමා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන්ගේ ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බව ද පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත්වූ පළමු පොලිස්පතිවරයා වන්නේද නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාය.

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී