මෝදි විවෘත කළ දඹුල්ලේ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ලයිට් කපලා

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය දා විවෘත කරන්නට යෙදුණ දඹුල්ලේ, උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ඇතිවී තිබෙන තත්ත්වයක් පිළිබදව වාර්තාවේ.

ඒ අනුව එහි සේවා ආරම්භයට පෙරම රු 8,409,000ක විදුලි බිලක් ලැබී ඇතැයි අද (15) විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් එහි සංචාරයක නියැලුණු අවස්ථාවේ දී අනාවරණය වී ඇත. අදාළ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මේ වනවිට එම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ විදුලිය විසන්ධි කර ඇතැයිද වාර්තා වේ.

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

ශාන්ත මගේ යාලුවා ඒත් ඌ මරපන් බනා මන්ත්‍රීගේ ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ යෝජනාවකට අනුව මීට වසර කිහිපයකට ඉහතදී ඉන්දියානු රජයේ ආධාර ඇතිව මෙම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව ඉදිකර තිබුණි.

ඒ අනුව එහි විවෘත කිරීම පසුගිය අප්‍රේල් මස 5 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමින් විවෘත කරන්නට යෙදුණි.

එදා සිට අද දක්වාම එහි සේවා කටයුතු සිදුනොවීම පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මම්පිල ,සංජීව එදිරිමාන්න, ප්‍රේමණාත් සී දොළවත්ත , සුශ්වර බණ්ඩාර, නිමල් පියතිස්ස, දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු පිරිසක් බස් රථයකින් එහි පැමිණි බව වාර්තා වෙව්.

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

එහිදී කෘෂිකර්ම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ ගේට්ටු වසා දමා තිබෙනු දක්නට ලැබුණු අතර, පසුව එහි මුරකරු සම්බන්ධ කරගනිමින් හිටපු මන්ත්‍රී පිරිස ගබඩා පරිශ්‍රයට ඇතුළු වී තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ විදුලි බිල නොගැවීම හේතුවෙන් මෙහි විදුලිය කපා ඇති බවයි.

චීනයෙන් ලංකාවට වටිනා ශිෂ්‍යත්වයක් - ලැබෙන්නේ මේ අයට

චීනයෙන් ලංකාවට වටිනා ශිෂ්‍යත්වයක් - ලැබෙන්නේ මේ අයට