සමගියේ ලොකු අවුලක්...මරික්කාරුත් කණගාටුවෙන්

Samagi Jana Balawegaya Saidulla Marikkar Sinhala news
By Hashini May 26, 2025 09:45 AM GMT
Hashini

Hashini

Report

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරු රැසක් සිය සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

මෙලෙස එම සංවිධායකවරු සිය සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා පක්ෂයේ නිර්නායක අනුව නියෝජිතයින් තෝරා ගැනීමේදී මතුව ඇති ගැටලුවක් හේතුවෙනි.

ඒ අනුව බණ්ඩාරවෙල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පසුගියදා සිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බව නිල වශයෙන් පක්ෂයට දැනුම් දී තිබුණා.

එමෙන්ම හොරොව්පතාන ආසන සංවිධායක අනුර බුද්ධික මහතා, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න මහතා, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල මහතා තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

“සුදු වෙන ක්‍රීම් ගාලා ටික්ටොක් එකේ ගොන් වීඩියෝ දාපුවම නළුවෙක් නිලියෙක් වෙන්නත් පුළුවන්” – අශාන් කියයි

“සුදු වෙන ක්‍රීම් ගාලා ටික්ටොක් එකේ ගොන් වීඩියෝ දාපුවම නළුවෙක් නිලියෙක් වෙන්නත් පුළුවන්” – අශාන් කියයි

මේ අතර ගාල්ල ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

''සමඟි ජන බලවේග පක්ෂෙන් ඉවත්වන්නේ නැහැ.නමුත් පළාත් පාලන නියෝජිතයන් තේරීමේ නිර්ණායක තේරීමේදී ගැටළුවක් මතුව ඇති හෙයින් අකමැත්තෙන් උනත් ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වෙනවා.එහෙට මෙහෙට පිල් පැනලා දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් නැහැ.''

මේ අතර කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙලෙස අදහස් පළ කරා.

ඒ තමන් කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම පිළිබඳව නොදන්නා බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,

''මම කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්.බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් වුනු වෙලාවේ පළාතේම පළවෙනියා උනෙත් මම.2015, 2020 වසර වලත් මං ජයග්‍රහණය කරා.හැබැයි මෙවර මැතිවරණ ව්‍යාපාරයේදී මට පෞද්ගලිකව උදව් කරපු අය හැර පක්ෂය විසින් මාව කොළඹ නගර සිමාවේ මැතිවරණයට මාව දායක කර ගත්තේ නැහැ.මට වගකිමක් දීලත් නැහැ'' 

අනුදිට බැනලා මැසේජ්..අනුදිටත් කේන්ති යයි..

අනුදිට බැනලා මැසේජ්..අනුදිටත් කේන්ති යයි..

ReeCha