අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

Sinhala news Miss world Anudi Gunasekara miss world 2025 miss world sri lanka 2025
By Ashfa May 26, 2025 01:40 PM GMT
Ashfa

Ashfa

Report

2025 ලෝක රූ රැජිණ තරගාවලියට අපේ රට නියෝජනය කරමින් අනුදී ගුණසේකර සහභාගී වෙලා ඉන්න එක මේ වෙද්දී අපි හැමෝම දන්නා කරුණක්.

ඒ වගේම ඒ තරගාවලියේ කොටසක් විදිහට ප්‍රේක්ෂකයන්ට තමන් කැමති තරගකරුට මනාප ලබාදෙන්න පුළුවන් ක්‍රමයකුත් ලැබිලා තියෙනවා.

මේ මනාප ලයිස්තුවේ මනාප කාට අඩුවැඩි වුනත් කිසිවෙනසක් නොවී එක දිගටම තරගයේ වැඩිම මනාප ලබාගනිමින් අංක 1 බවට පත් වෙලා ඉන්නේ තායිලන්ත රූ රැජිණ ඔපල් සුචාටා.

අම්මෝ...ඔලු දෙකක් එක්ක ජිවත් වෙන මිනිසෙක් (PHOTO)

අම්මෝ...ඔලු දෙකක් එක්ක ජිවත් වෙන මිනිසෙක් (PHOTO)

ඇයගේ මනාප ප්‍රමාණය දැනට දෙවන ස්ථානයේ ඉන්න අනුදි ගුණසේකරට වැඩ දෙගුණයකටත් වඩා වැඩියි. ඉතින් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරයක් යනවා මේ විදිහට එක දිගටම අංක 1 ඉන්න මොකක් හැරු හොර වැඩක් යනවද කියන එක.

ඒකට උත්තරත් ප්‍රේක්ෂකයන්ම දීලා තියෙනව. ඇත්තටම අනුදිව ලංකාවේ මිනිසුන් බහුතරයක් හදුනාගත්හේ මේ මිස් වර්ල්ඩ් තරගයෙන් පස්සේ නමුත් තායිලන්ත රූ රැජින මිට කලින්ම ගොඩක් තරගවලට ඉදිරිපත් වෙලා මුල ඉදලම තායිලන්ත ජනතාවගේ ආදරය දිනා ගත්ත කෙනෙක්.

අනිත් දේ තමයි ශ්‍රී ලංකාවේ ජනගහනයට වඩා තායිලන්ත ජනගහනය සැහෙන්න වැඩියි.

මේ වගේ විවිධ හේතු එක්ක තමයි තායිලන්ත රූ රැජින ඔපල් සුචාට මනාප ලැයිස්තුවෙන් ඉහල ඉන්නේ කියන එකත් හොරයක් නැහැයි කියන එකත් පැහැදිලි වෙනවා 

ඔන්න තවත් ශ්‍රී ලංකාවක් හොයාගෙන (PHOTO)

ඔන්න තවත් ශ්‍රී ලංකාවක් හොයාගෙන (PHOTO)

GalleryGalleryGallery
ReeCha