ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල[VIDEO]
හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා විසින් “සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව” විදේශීය ආයෝජනයක් මිස ලංකා ආණ්ඩුවේ හෝ රාජපක්ෂවරුන්ගේ ආයෝජනයක් නොවන බවට ඉකුත් අගෝස්තු 6 වන දින හරිනි අමරසූරිය අගමැතිනිය විසින් පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශය ඇමතිවරයෙක් වන වසන්ත සමරසිංහට මහතාට නිවැරදි කල නොහැකි බව ප්‍රකාශ කරයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍ය අමතමින්. එසේම ඔහු තවදුරටත් කියා සිටියේ අගමැතිනියගේ ප්‍රකාශය නිවැරදි කළ හැක්කේ අගමැතිනියටම හෝ ජනාධිපතිවරයාට පමණක් බවයි.
එමෙන්ම කිසිම රටක, කිසිම කලක, අගමැතිවරයෙකුගේ ප්‍රකාශයක් මෙසේ කනිෂ්ඨ ඇමතිවරයෙකු නිවැරදි කර නැති බවද ඔහු පවසයි.
මේ අතර අගමැතිනිය ඉවත් කර ජවිපෙන් අගමැති තනතුරට ඇමති බිමල් රත්නායක මහතා පත් කරගැනීමට බලාපොරොත්තු වන බවද ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ඔහු කියා සිටියේ ජවිපෙ නායකයින් අද උත්සාහ කරන්නේ අගමැතිනියට ප්‍රහාර එල්ල කර ඇයව කලකිරීමට පත් කර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන තැනට ඇය තල්ලු කිරීමට බවයි.