ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

Report

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී  අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට නියමිතව තිබේ.

පවුලේ ඥාතීන් සඳහන් කළේ, අද (15) රාත්‍රියේ සිට මහියාවේ පිහිටි ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර ඇති බවය.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඒ අනුව අනිද්දා පස්වරු 5ට මහනුවර, නිත්තවෙල පවුලේ සුසාන භූමියේ දී ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

විශේෂ වැඩක් නිසා ප්‍රධාන මාර්ග කීපයක රථ වාහන ගමනාගමනය සීමා කරයි

විශේෂ වැඩක් නිසා ප්‍රධාන මාර්ග කීපයක රථ වාහන ගමනාගමනය සීමා කරයි

දැඩි ලෙස රෝගාතුරව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද පෙරවරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 57 වන වියේ පසුවුණි.

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි