හෙට කොළඹට එන එයා
අමෙරිකාවේ නාවික හමුදාවට අයත් සැන්ටා බාබ්රා නෞකාව හෙට (16) දින කොළඹ වරායට පැමිණෙන බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.
ඒ අනුව එම නෞකාව ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු වරාය සංචාරය මෙය වේ.
එසේම මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් සඳහන් කළේ මේ හරහා ඇමරිකානු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ශක්තිය සහ නිදහස් ඉන්දු - පැසිෆික් කලාපයක් සඳහා වන හවුල්කාරී කැපවීම අවධාරණය කරන බවයි.
මෙම සැන්ටා බාබ්රා නෞකාව ඇමරිකානු 7 වන බලඇණියේ ඉදිරි පෙළ රැදී සිටින නෞකාවක් වේ.
එසේම මෙය සමුද්‍රීය ආරක්ෂාව, මුහුදේ සිදුකරන පාලනයන් සහ වැළැක්වීමේ මෙහෙයුම් වෙනුවෙන් සහාය වීමට නිර්මාණය කර ඇති නෞකාවක් බව ද වාර්තා වේ.
