ලසන්තව මරන්න ප්ලෑන් කරපු තැන ඉඳන් කරපු ඔක්කොම එක හුස්මෙට වමාරයි - කවුද හිතුවේ මෙහෙම දෙයක්

Report

පසුගිය දිනවල වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය රට තුළ මහත් කැලඹීමක් ඇති කළ අපරාධයක් බවට පත්ව තිබුණා. ඒ මහජන ඡන්දයෙන් තේරී පත්වූ නියෝජිතයකුට පළාත් පාලන ආයතනයක නිල මැදිරියේදීම වෙඩි තබා ඝාතනය වූ නිසයි.

ඒ ඉකුත් 22 වැනිදා මහජන දිනයේදී මහජන ගැටලු විමසන විටදීයි. කෙසේ වෙතත් ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ගේ ඍජු අධීක්ෂණයෙන් කණ්ඩායම් හතරක් විවිධ පැතිකඩ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළා.

ඒ අනුව මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයමිණි කුමාර, සහකාර පොලිස් අධිකාරී උදය කුමාර, වැලිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ඇතුළු නිලධාරින් අපරාධයට සම්බන්ධ මේ වන තෙක් විමර්ශන සිදුකළා.

වැලිගම ප්‍රාදේශීය සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වෙඩික්කරු වැලිගම ප්‍රාදේශීය සභාවට ලිපි ගොනුවක් අතැතිව පැමිණි අතර ඇඟිලි පහේම ප්ලාස්ටර් අලවා ගෙන සිටියා.

එසේම වෙඩි තැබීමෙන් පසුව වෙඩික්කරු ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ පිටත සිටි යතුරුපැදිකරු සමගින් පලාගොස් තිබුණා. එහිදී අපරාධකරුවන් පලාගිය ගමන් මගෙහි ආරක්ෂිත කැමරා ඔස්සේ වැලිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර ඇතුළු නිලධාරින් පරීක්ෂා කර තිබුණා. එසේම පෞද්ගලික ඔත්තුකරුවන්ගේ තොරතුරු මතද දීර්ඝ වශයෙන් විමර්ශන සිදුකළා.

ඒ අනුව පොලිසියට තොරතුරු හෙළි වූයේ මෙය බූස්ස අධී ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සිටි මිදිගම රුවන් මෙහෙයවන ලද අපරාධයක් ලෙසයි. තවද අක්මීමන හියාර ප්‍රදේශයේ පදිංචි තාරක නමැති සැකකරුවකු ගැනද තොරතුරු ලැබුණද ඔහු පිළිබඳ තවත් සාක්ෂි සෙවීමට පොලිසිය පියවර ගෙන ඇත.

මේ අතර වෙඩික්කරු හා යතුරුපැදිකරු කිලෝමීටරයක් පමණ දුර ගමන් කර යතුරුපැදි දෙකකට මාරු වී ඇත. පසුව යතුරුපැදිකරු එම යතුරුපැදියේද වෙඩික්කරු වෙනත් යතුරුපැදියකට ද මාරු වී සාමාන්‍ය දුර පරතරයක් තබා ගනිමින් මාතරට පැමිණ, මාතරින් අකුරැස්සට ගමන් කර තිබෙනවා.

එසේම විමර්ශනවලින් හෙළි වූයේ අකුරැස්සේ සිට යක්කලමුල්ල ප්‍රදේශයට පැමිණ එහි සිටද මඳ දුරක් ගමන් කර ඇති මෙම සැකකරුවන් එම යතුරුපැදි දෙකද මාරු කරගෙන ඇති බවයි.

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCIDයට

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCIDයට

වද එම යතුරුපැදි දෙකෙහි අංක තහඩු ද මාරු කර තිබූ අතර ඒවාද ව්‍යාජ අංක තහඩු වේ. කෙසේ වුවද මේ ආකාරයෙන් ගමන් කර මොවුන් යළි පැති දෙකකට ගමන් කර යළිත් අතරමගදී එකතු වී අක්මීමන ප්‍රදේශයට පැමිණ තිබෙනවා ඒ පලා යාමේදී ආරක්ෂිත කැමරා දර්ශනවලට හසු නොවන මාර්ගයකින්.

මේ අතර මොවුන්ට පලා යෑමට තවත් යතුරුපැදියක් මග නවතා ගිය සැකකරු ද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත ඊයේ භාර වී තිබුණා. තොරතුරු අනුව අඳාළ ඝාතනයට අක්මීමන හියාරේ ප්‍රදේශයේ පදිංචි තාරක නමැත්තාගේත් මෙම සැකකරුවන්ගේත් සම්බන්ධයක් ඇත.

එබැවින් පොලිසිය අක්මීමන හියාරේ ප්‍රදේශයේ පිහිටි තාරක නමැත්තාගේ නිවසට ගියද ඔහු බිරිඳ හා තවත් පුද්ගලයකු සමගින් පලාගොස් තිබුණා. ඒ ඉකුත් 23 වැනිදා දහවල් බව වාර්තා වේ.

එසේම විමර්ශනවලට අනුව ප්‍රධාන සැකකරු වන තාරක හා ඔහුගේ බිරිඳ සමඟින් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයේ යතුරුපැදිකරු වශයෙන් කටයුතු කළ ලහිරු නමැති සැකකරු ද පලාගොස් තිබුණා.

මේ අතර පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් හා ආරක්ෂිත කැමරා දර්ශනවලට අනුව තවත් පුද්ගලයකු ගැනද වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරු අනාවරණය කරගැනීමට හැකිව තිබු අතර ඔහු අක්මීමන හියාරේ ප්‍රදේශයේම පදිංචි ත්‍රිරෝද රථ රියැදුරෙක් බව වාර්තා වුණා. කෙසේ වෙතත් එම ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක්ම හෙළි වුණා.

ත්‍රිරෝද රථ හිමියා මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු වශයෙන් හඳුනාගෙන සිිටින තාරක නමැත්තාගේ කුලී ගමන් නිරන්තරයෙන්ම යන අයකු බවත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය වීමට පෙර දින එනම් ඉකුත් 21 වැනිදා තාරක නමැත්තා, ඔහුගේ බිරිඳ හා තවත් පුද්ගලයකු සමගින් ගාල්ල නගරයට ගිය බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.

එසේම ඔවුන් ගාල්ල නගරයෙන් සුදු පැහැ අත්දිග කමිස, සපත්තු, හෙල්මට්, වයිසර් ආදිය මිලදී ගෙන ඇති බවද එදින සවස ගාල්ල නගරයේ වෙළෙඳසලකින් ජංගම දුරකථනයක් මිලදී ගෙන ඇති බවත් හෙළි විය.

ඉෂාරාගේ තවත් රහසක් අහු වෙයි

ඉෂාරාගේ තවත් රහසක් අහු වෙයි

පොලීසිය කියා සිටියේ එම ජංගම දුරකථනයට වෙනම සිම් පතක් ද ලබාගෙන වට්ස් ඇප් ගිණුම් සක්‍රීය කරගෙන ඇති බවද එය මෙම අපරාධයට භාවිත කිරීමට මිලදී ගෙන ඇති බවට ද තහවුරු වන බවයි.

ඊට අමතරව සැකකාර ත්‍රීරෝද රථ රියැදුරුගෙන් තවත් වැදගත් කරුණක් හෙළිව තිබුණා. ඒ මෙම අපරාධය සිදුවූ දින උදෑසන ප්‍රධාන සැකකරු වන නුවන් තාරක නමැත්තා තමන් සමඟ හියාර ප්‍රදේශයෙන් සැලකිය යුතු දුරින් පිහිටි පාලු ස්ථානයකට ගමන් කළ බවත් එවිට ඔහු කලු පැහැ ටීෂර්ටයක් සහ කොට කලිසමක් පැළඳ සිටි බවත් ඔහු අතැතිව කලු පැහැ හෙල්මටයක්, බෑගයක් තිබූ බවටයි.

අනතුරුව ප්‍රධාන සැකකරු තම මිතුරකු පැමිණෙන බව කියා එම ස්ථානයෙන් බැස ඇති බවත් ඉන්පසු ත්‍රිරෝද රථය පිටත් කර හැර ඇති බවත් ත්‍රිරෝද රථ රියැදුරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

ඉන් පසුදින ද එනම් 23 වැනිදා ද තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බවත් එබැවින් තාරක නමැත්තාගේ නිවසට ගිය බවත් පසුව තාරක සමඟින් අක්මීමන අඟුළුගහ ප්‍රදේශයට ගොස් පාලු ස්ථානයක ත්‍රිරෝද රථය නවත්වාගෙන සිටි බවත් එම ස්ථානයට තවත් ත්‍රිරෝද රථයක් පැමිණ එහි පැමිණි පුද්ගලයකු විසින් කළු පැහැ බෑගයක් ලබාදී ගිය බවත් ත්‍රිරෝද රථ රියැදුරුගේ ප්‍රකාශ මගින් අනාවරණය වුණා.

කෙසේ වෙතත් මෙම කුලී ගමන් සඳහා ත්‍රිරෝද රථ රියැදුරුට රුපියල් 15 000 ක කුලියක් ලැබීමට තිබුණත් තාරක නමැත්තා පන්දහසේ කොල හතරකින් රුපියල් 20000 ලබාදී ඇති බව සඳහන්. පොලිසිය පවසන්නේ අඳාළ බෑගයේ තිබී ඇත්තේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා පොරොන්දු වූ මුදල් බවට සැකකරන බවයි.

පාතාලෙට සම්බන්ධ සියලුම මන්ත්‍රීන්ලට කෙළ වෙයි - දැනටමත් විමර්ශන පටන් අරන්

පාතාලෙට සම්බන්ධ සියලුම මන්ත්‍රීන්ලට කෙළ වෙයි - දැනටමත් විමර්ශන පටන් අරන්

එසේම අඳාළ මුදල් ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් පාර්ශ්වයෙන් ලබාදී ඇති බවත් ත්‍රිරෝද රථයේ කුලිය ගෙවා ඇත්තේ එම මුදල්වලින් බවට සැකකරන බවත් කියයි.

අපරාධයෙන් පසුව පලාගොස් සිටින තාරක, ඔහුගේ බිරිඳ හා ලහිරු යන සැකකරුවන් සොයා පොලිසිය පුළුල්ව විමර්ශන සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මොවුන් අම්බලන්තොට උඩබැරගම ප්‍රදේශයේ ඥාති නිවසක සැඟව සිටින බවට තොරතුරු හෙළි වුණත් වැලිගම පොලිසිය පෙරේදා (25 වැනිදා) එම ස්ථානය වැටලීමට ලක් කළද ඔවුන් එම නිවසෙන්ද පලාගොස් තිබුණා.

ඒ අනුව හෙළි වුණේ මොවුන් එම නිවසට 23 වැනිදා රාත්‍රියේ ආ බවත් 24 වැනිදා රාත්‍රියේ හෝ 25 වැනිදා අලුයම් කාලයේදි යතුරුපැදි දෙකකින් එම නිවසෙන්ද පලා ගිය බවයි. එහි ප්‍රධාන සැකකරු වන තාරක නමැත්තාගේ බිරිඳගේ දෙමාපියන් සිට ඇති අතර ප්‍රධාන සැකකරු හා බිරිඳ මෙම නිවසේ සිට අම්බලන්තොට නගරයට පැමිණ නගරයේ වෙළෙඳසලකින් රුපියල් විසි හතර දහස් හාරසියයක මුදලකට භාණ්ඩ මිලදී ගෙන බිරිඳගේ මවට ලබාදී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

එහිදී සැකකරු මුදල් ගෙවීමේදී රුපියල් පන්දහසේ මුදල් මිටියක් අතට ගෙන ඉන් රුපියල් පන්දහසේ නෝට්ටු හතරක් වෙළෙඳසල් හිමියාට ලබාදී ඇති බවද සඳහන්. කෙසේ වෙතත් මොවුන් මෙම නිවසේ සිට මහියංගනය රිදීමාලියද්ද ප්‍රදේශයේ ස්ථානයකට පැනගොස් ඇති අතර ඔවුන්ව ඉන් එහා සෙවීමට පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඉල්ලා තිබුණා.

ඒ අඳාළ ප්‍රදේශය දුෂ්කර වීම මත තාක්ෂණික සහාය පොලිසියේ මට්ටමින් ලබාගත නොහැකි තත්ත්වයකදීයි. තවද පොලිස් විශේෂ කාර්යංශයේ හා රාජ්‍ය බුද්ධි සේවාවේ තාක්ෂණික සහායද පොලිසිය ඉල්ලා තිබුණා.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වූයේ පොලිසිය සොයමින් සිටින සැකකරුවන් කැකිරාව පොලිස් වසමේ නිවාස 50 ප්‍රදේශයේ සැඟව සිටින බවයි. එබැවින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයේ අත්හැර දමා ඇති නිවසක් සහිත ඉඩමක් යුද හමුදාවේද සහාය ඇතිව වැටලීමට ලක්කර ැති අතර එහිදී සැකකාරියක් හා තවත් පිරිසක් සිට තිබුණා.

කෙසේ වෙතත් අඳාළ වැටලීම සිදුකරන විට සැකකරුවන් කිහිප දෙනකු පොලිසිය හා පොරබැදීමක් ඇතිකරගෙන තිබෙන අතර එහිදී පොලිස් නිලධාරියකුද තුවාල ලබා ඇත. කුමක් වුවද එහි සිටි සැකකරුවන් දෙදෙනකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා.

එහෙත් එක් සැකකරුවකු පොරබැදීම අතරතුර පැනගොස් ඇති බව පොලිසිය පැවසුවා. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන නුවන් තාරක නමැත්තාගේ බිරිඳ, එම අපරාධයේ යතුරුපැදිකරු වශයෙන් කටයුතු කළ ලහිරු නමැත්තා සහ මොවුන්ට කැකිරාව ප්‍රදේශයේ සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙක් බව වාර්තා වුණා.

පැනගොස් තිබුනේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් හඳුනාගෙන සිටිින නුවන් තාරක නමැ‍ත්තායි. එසේම එම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 12 ක මුදලක්, අපරාධය සඳහා භාවිත කළ යතුරුපැදි දෙකෙන් එක් යතුරුපැදියක් මෙන්ම හෙරොයින් අයිස් හා මත්ද්‍රව්‍ය භාවිතයට යොදාගන්න උපකරණ කිහිපයක්ද සොයාගෙන තිබුණා.

මේ අතර එම අවස්ථාවේදී පලාගිය අපරාධයේ වෙඩික්කරු බව කියන නුවන් තාරක නමැත්තා ඊයේ දින රාත්‍රියේ මහරගම ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයට අදාළව මේ වනවිට සැකකාරියක් ඇතුළු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ගේ උපදෙස් මත මාතර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි, සහකාර පොලිස් අධිකාරි උදයකුමාර යන නිලධාරීන්ගේ උපදෙස් මත වැලිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි, උප පොලිස් පරීක්ෂක සිල්වා, පොලිස් සැරයන්වරුන් වන සම්පත් (75363), චතුරංග (40603), පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රනාන්දු (97648), සූරියාරච්චි (99147), දර්ශන (96510), මංගල (54334), ලක්සර (105978), පසිඳු (29264), අරුණ (27601), මධුමල්ක (99370) හා පොලිස් කොස්තාපල් රියැදුරු සංජීව(15401) යන නිලධාරීන් මෙම අපරාධයේ විමර්ශන කටයුතු සිදුකර තිබුණා.

සුදු ඇඳගෙන කළු වැඩ කරන ලොක්කෝ රැසක් ගැන පොලිස්පතිගේ කටින්ම - ජාතික දේශපාලනය බරපතළ අනතුරක

සුදු ඇඳගෙන කළු වැඩ කරන ලොක්කෝ රැසක් ගැන පොලිස්පතිගේ කටින්ම - ජාතික දේශපාලනය බරපතළ අනතුරක