පාතාලෙට සම්බන්ධ සියලුම මන්ත්‍රීන්ලට කෙළ වෙයි - දැනටමත් විමර්ශන පටන් අරන්

Report

පාර්ලිමේන්තුවට සහ පළාත් පාලන ආයතනවලට තේරී පත්ව සිටින සියලුම මන්ත්‍රීවරුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාලයට සම්බන්ධ දැයි සෙවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳව අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ මහජන නියෝජිතයින් කිහිප දෙනකු පාතාල කණ්ඩායම් සමග සබඳතා පවත්වන බවට තොරතුරු හෙළි වී ඇති බවයි.

එබැවින් ඒ අය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ආරම්භ කර ඇතැයිද ඔහු පවසා සිටියා.

සුදු ඇඳගෙන කළු වැඩ කරන ලොක්කෝ රැසක් ගැන පොලිස්පතිගේ කටින්ම - ජාතික දේශපාලනය බරපතළ අනතුරක

සුදු ඇඳගෙන කළු වැඩ කරන ලොක්කෝ රැසක් ගැන පොලිස්පතිගේ කටින්ම - ජාතික දේශපාලනය බරපතළ අනතුරක

එමෙන්ම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ද මෙරට දේශපාලනයට බලපා ඇති බරපතළ තත්ත්වයක් පිළිබඳව අවධානය යොමු කරමින් කියා ඇත්තේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් දේශපාලනයට පැමිණ තිබෙන බවත්, ඉදිරියේදී ඔවුන් ජාතික දේශපාලනයට පවා පැමිණීමට සැලසුම් සකස් කර ඇති බවත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෑම දේශපාලන පක්ෂයකටම වගකීමක් ඇති බවත් ය.

එනිසා මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට සාමාජිකත්වය දිය යුතු ද, ඉදිරි මැතිවරණවලදී අපේක්ෂකත්වය දිය යුතු ද යන්න දේශපාලන පක්ෂ මඟින්ම තීරණය කළ යුතු බව ද පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

එසේම ඔහු වැඩිදුරටත් අඳාළ අපරාධකරුවන් දේශපාලනයට පැමිණෙන්නේ “සුදු ඇඳගෙන කළු වැඩ කර” තමුන්ගේ කර්තව්‍යයන් වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සඳහා ආවරණයක් ලබා ගැනීමට උත්සාහ කරමින් බවද ප්‍රකාශ කර ඇත.

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

හෙට සිට පාසල් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වෙනවා - සමස්ත ලංකා ගුරු සංවර්ධන නිලධාරී සංගමය

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු..

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු..