වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් FCIDයට
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශ වෙත භාර දී ඇත.
එම ඝාතනයට සම්බන්ධ මූලික විමර්ශන ජෙෂ්‍ය්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත මගින් සිදුකරනු ලබයි, ඉදිරි විමර්ශන කටයුතු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් සිදුකරනු ලබයි.
පොලිසිය සඳහන් කළේ වැලිගම සභාපති ඝාතනය පිළිබඳ විමර්ශන සඳහා පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය කණ්ඩායම් 10 ක් යොදවා ඇති බවයි.
එවගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය, අණ දෙණ නිළධාරි පොලිස් විශේෂ කාර්ය බලකාය, නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව, නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත දකුණ, අධ්‍යක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, අධ්‍යක්ෂ අපරාධ වාර්තා කොට්ඨාශය හා අධ්‍යක්ෂ දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාශය ඒකාබද්ධව එම විමර්ශනයන් සිදු කරනු ලබන බව වාර්තා වේ.
විශේෂ විමර්ශන කණ්ඩායමක් මගින් අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේදී ඊයේ (26) අළුයම සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගත් අතර එහිදී පලාගිය වෙඩික්කරු මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවයේ නිළධාරින් හා ප්‍රාදේශීය පොලිස් නිළධාරින් කණ්ඩායමක් ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.
මෙම ඝාතනයට අදාළ විමර්ශන කටයුතු පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙහෙයවනු ලබයි.