වැලිගම ප්‍රාදේශීය සභාපති ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
වැලිගම ප්‍රාදේශිය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයා මහරගමදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
පොලිසිය සිදු කෙරූ අඛණ්ඩ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ.
මෙම ඝාතනය සිදු වූ අවස්ථාවේ සිටම විශේෂ පොලිස් කණ්ඩායම් රැසක් ඔස්සේ විමර්ශන ආරම්භ කළ අතර මෙම සැකකරුවන් හඳුනා ගැනීමට මහජන සහය ද පොලිසියට ලැබුණි.