මෙන්න සුභ ආරංචියක්...රුපියල් 3,000 වන්දිය 10,000ක් දක්වා ඉහළට

Report

පොල් වගාව ආශ්‍රිත 'වැලිගම කොළ මැලවීමේ රෝගය හා කුණුවීමේ රෝගය' පාලනය කිරීම වෙනුවෙන් එම ගස් කපා ඉවත් කරන්නන්හට ගෙවූ මුදල වැඩි කර ඇති බවට වාර්තා වේ.

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

ඒ අනුව රෝගී තත්ත්වයට ගොදුරු වූ පොල් ගස් කපා ඉවත් කිරීම සඳහා වගාකරුවන්ට දැනට ලබාදුන් රුපියල් 3,000ක වන්දි මුදල රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙන බවට පොල් වගාකිරීමේ මණ්ඩලය කියා සිටියි.

අද සිට විදුලිය සහ ජලය නොමිලේ... (PHOTO)

අද සිට විදුලිය සහ ජලය නොමිලේ... (PHOTO)

එසේම මෙහි දී වැඩිදුරටත් පොල් වගාකිරීමේ මණ්ඩලය ඉල්ලා සිටියේ දකුණු පළාත තුළ ව්‍යාප්ත වී ඇති මෙම රෝගය එම පළාතේ පොල් වතුවල තවදුරටත් ඇත්නම් එම රෝගී ගස් කපා ඉවත් කරන ලෙසයි.

ඔවුන් සඳහන් කළේ මෙම රෝගය සෙසු පොල් ගස් අතර පැතිරීම වැළැක්වීමට ඇති එකම විකල්පය එය බවයි.

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

එසේම මාස තුනක් ඇතුළත කපා දැමීමට දැනටමත් මාතර දිස්ත්‍රික්කයේ පොල් ගස් 6,200ක ප්‍රමාණයක් සලකුණු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම කාර්යය සිදු කිරීමට විශාල පිරිස් බල ඇණියක් මෙන්ම විවිධ දෙපාර්තමේන්තුවල සහය ලබා ගැනීමට ද තීරණය කර ඇත.

ඒ ඊයේ (4) දින ජාතික සම්බන්ධීකරණ කමිටු රැස්වීම, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේදීයි. 

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරියත් අත්අඩංගුවට ගනී

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරියත් අත්අඩංගුවට ගනී