ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරියත් අත්අඩංගුවට ගනී

Report

අද (05) දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර මහත්මිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

ඒ අනුව ඇයව අත් අඩංගුවට ගෙන ඇත්තේ වේරැස් ගඟ ව්‍යාපෘතියේ රුපියල් මිලියන 27.6 ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත බව සඳහන්.

අඳාළ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව එම වේරැස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු සඳහා ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරා ගෙන තිබෙනවා.

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

එසේම එහිදී එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එම උත්සවය වෙනුවෙන් ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබියදී එම උත්සවයට ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කර ඇත.

මේ නිසා රජයට පාඩුවක් සිදු කොට “දූෂණය” නමැති වරද සිදුකිරීම යටතේ ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.

අල්ලස් කොමිසම කියා සිටියේ අඳාළ සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්