නත්තලට උඩ යටි කුරු වෙන්න රත්තරන් මිලේ වෙනසක්

Report

රන් අවුන්සයක මිල අද (23) වන විට ඩොලර් 3,729.83 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාසය තුළ රන් මිල 12%කින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාස 12 තුළ 42%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.

සැප්තැම්බර් 1 වැනිදා නිකුත් කළ විශ්ලේෂක වාර්තාවලට අනුව, මෙම වසර තුළ රන් අවුන්සයක මිල ඩොලර් 3,750 සීමාවට ළඟා වීමට නියමිත බවත්, ඉදිරියේදී එය ඩොලර් 4,000 දක්වා ඉහළ යනු ඇති බවත් විශ්ලේෂකයෝ පුරෝකථනය කරති.

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

නොසිතූ ලෙස යළි ඉහළ ගිය රන් මිල

අගෝස්තු 22 සිට මේ දක්වා රන් මිල ඩොලර් 400කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. මෙයට හේතු ලෙස එක්සත් ජනපද ඩොලරයේ දුර්වල වීම, උද්ධමන අවදානම, ෆෙඩරල් මහ බැංකුවේ අපේක්ෂිත පොලී අනුපාත අඩු කිරීම්, අවදානම් සහිත වත්කම් කෙරෙහි විශ්වාසය අඩුවීම, භූ දේශපාලනික ගැටුම්, සහ මහ බැංකුවල අඛණ්ඩ රන් මිලදී ගැනීම් යන සාධක විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මෙම සාධක හේතුවෙන්, නත්තල් කාලය වන විට රන් මිල ඩොලර් 4,000 සීමාවට ළඟා වීමේ ප්‍රබල හැකියාවක් ඇති බව විශ්ලේෂකයෝ අවධාරණය කරති.

ශ්‍රී ලංකාවේ රන් මිල

නත්තලට උඩ යටි කුරු වෙන්න රත්තරන් මිලේ වෙනසක් | Price Of Gold Rise To 4 000 By Christmas

රන් අවුන්සයක මිල - රුපියල් 1,134,086

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) - රුපියල් 40,010

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) - රුපියල් 320,050

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) - රුපියල් 36,680

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) - රුපියල් 293,450

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) - රුපියල් 35,010

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) - රුපියල් 280,100

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව