සෝ සුසුම් මැද ඇල්ල මාරක අනතුරෙන් දිවි අහිමි වූ අයගේ අවසන් කටයුතු හෙට

Report

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මාරක රිය අනතුරින් දිවි අහිමි වූවන්ගේ අවසන් කටයුතු හෙට දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අනතුරින් ජීවිතක්ෂයට පත් තංගල්ල නගර සභාවේ සේවකයින් දස දෙනෙකුගේ සිරුරු අද පෙරවරුවේ තංගල්ල නගර සභා ශාලාව වෙත රැගෙන ආවේ ඔවුන්ගේ ඥාතීන් ඇතුලු එහි පැමිණි බොහෝ දෙනෙකුගේ සෝ සුසුම් මැදයි.

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

එහිදී තංගල්ල නගර සභාවේ සේවකයින් මෙන්ම ප්‍රදේශයේ විශාල පිරිසක් අනතුරින් දිවි අහිමි වූ තම හිත මිතුරන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.

එසේම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක්ද අද පෙරවරුවේ තංගල්ල නගර සභා ශාලාවට පැමිණ දේහ වෙත අවසන් ගෞරව දක්වා ඇති බව වාර්තා වුණා.

ඉන් පසුව මහා සංඝරත්නය ද එම ස්ථානයට වැඩම කර ආගමික වතාවත් සිදුකර ඇත.

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ අතර අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුඛෝපබෝගී ජීප් රථයේ රියැදුරු ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.

ඒ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

කෙසේ වෙතත් රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරණු ඔහු බුත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව සඳහන්.

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි