නැව්වලට උඩින් ගිහින් අනතුරක් වුණොත් යානාවලට වෙඩි තියන එක තියනවා, වෙනිසියුලාවට අනතුරු අඟවන ට්‍රම්ප්

Report

වෙනිසියුලානු ජෙට් යානා ඇමරිකානු නාවික නැව්වලට ඉහළින් පියාසර කර අනතුරක් සිදු වුවහොත් එම යානාවලට වෙඩි තබා බිම හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව දින දෙකක් තුළ දෙවන වරටත් දකුණු අමෙරිකාවට ඔබ්බෙන් වූ ඇමරිකානු නෞකාවක් අසල වෙනිසියුලානු හමුදා ගුවන් යානා පියාසර කිරීමෙන් අනතුරුව මෙසේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා.

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

එසේම ට්‍රම්ප් විසින් එහිදී වෙනිසියුලාවෙන් "මත්ද්‍රව්‍ය ගලා එන" බවත්, එක්සත් ජනපදයේ ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් තහනම් කර ඇති කල්ලියක් වන ට්‍රෙන් ඩි අරගුවා හි සාමාජිකයින් එහි ජීවත් වන බවත් සඳහන් කර තිබෙනවා.

මෙසේ මත්ද්‍රව්‍ය ගලායාම වැළැක්වීමට අතිරේක නාවික යාත්‍රා සහ මැරීන් භටයින් සේම නාවිකයන් ද යෙදවීමට එක්සත් ජනපද හමුදාව පියවර ගෙන ඇති අතර දකුණු කැරිබියන් කලාපය තුළ තම හමුදා ශක්තිය වර්ධනය කිරීමටත් පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම මේ අතරවාරයේ ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ, එක්සත් ජනපදය ඉහළ පෙළේ වෙනිසියුලානු නිලධාරීන්ට මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය, දූෂණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ වැරදි පිළිබඳව ද චෝදනා එල්ල කර තිබුණා.

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි