මේවා තියෙනකල් ඔයාලා හිතන විදිහට අපරාධ වෙන එක නවත්තන්න බෑ, අත දෙන දේශපාලකයන්ට කරන්න ඕනෙත් මේකයි - ප්‍රතිභා

Report

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා විසින් බන්ධනාගාර ගත කෙරුණු දරුණු ගණයේ පාතාලකරුවන්ට ජංගම දුරකථන සහ ඒ ආශ්‍රිත උපාංග ලැබෙන තාක් සංවිධානාත්මක අපරාධ මැඩලීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ප්‍රකාශ කර ඇත.

එසේම මෙම හිරකරුවන්ට ජංගම දුරකථන ලැබීම නතර කිරීමට මීට වඩා ශක්තිමත් වැඩ පිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කළ යුතු බව කියූ මහාචාර්යවරයා එසේ නොවන තාක් සිර මැදිරිවල සිට ජංගම දුරකතන යොදාගෙන වෙඩි තැබීම් ඇතුළු විවිධ අපරාධ සංවිධාන කිරීම දිගටම සිදුවිය හැකි බවද අවධාරණය කර සිටියා.

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ, විශේෂ නිවේදනයක්

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇතැම් නිලධාරීන් පවා විවිධ ඵල ප්‍රයෝජන ලබාගෙන මෙම සිරකරුවන්ට ජංගම දුරකථන සපයමින් උදව් කරන බවට තොරතුරු වාර්තාවී ඇති බවයි.

මේ අතර බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලකරුවකු එම බන්ධනාගාරයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ඉවත් කරන ලෙසට කලකට ඉහතදී අධිකරණයෙන් ඉල්ලීමක් කළේ මේ නිසා බවත් කරුණු වටහා ගත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පැවසුවා.

එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ පමණක් දරුණු ගණයේ පාතාලකරුවන් හැට දෙනෙකු පමණ රඳවා සිටින බව ද ප්‍රතිභා මහානාව හේවා මහතා පෙන්වා දෙයි.

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

මේ ලග්න හිමියන් 4ම අද දැඩි කල්පනාවෙන් ඉන්න - අද ලග්න පලාපල

යම්කිසි පාතාලකරුවකුට දේශපාලනඥයන් උදව් කර ඇති බව ඔප්පු වුවහොත් අපරාධවලට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ එම දේශපාලනඥයන්ට විරුද්ධව කටයුතු කළ හැකි බවද ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් බුස්ස බන්ධනාගාරයේ දරුණු ගනයේ අපරාධකරුවන්ට ලැබෙන පහසුකම් පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කෙරුණු විශේෂ කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතායි.

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි

මහින්ද රාජපක්ෂගේ ගෙදරත් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට ගන්නවද? මහජන ආරක්ෂක ඇමති උත්තර දෙයි